Pages

Sunday, December 30, 2012

Requiem for a dream (2000)




The number one reason what makes this movie so damn special is its cinematography and score. It is no doubt one of the most edgy and powerful to the context of the theme of the movie. The movie is about 4 people who are addicted to some sort of drugs and how the addiction ultimately destroys their lives all in all. The cinematography is so powerful that at one point you might feel that the addiction is in you and its growing and you want the movie to end so badly that you can just get rid of it and get back your life. I have never seeing a movie this strong that eats right in to your veins without a needle.

 

Then the acting and the plot gladly follows it. There are some very dramatic performances by the main casts and well detailed make up works that boosts the mood tenfold. Every scene that unfolds has its own style and the ability to haunt you. It is the Aronofsky style directing that is unique and stylish. This movie will put you to a deep concentration starting very slow and ending with the most mind boggling manner. Do not miss it.

 

(From this point onward it's translation in Sinhala language)

 

මේ චිත්‍රපටිය අතිශයින්ම විශේෂ වන මුලිකම සාධක දෙකනම් සිනමාකරණය සහ පසුබිම් සංගීතයයි. ඒවා චිත්‍රපටියෙහි තේමාවට ඉතා තදින් බලපාන සහ ප්‍රබල බව සැක රහිතව ප්‍රකාශ කල හැකිය. මේ චිත්‍රපටියට පසුබිම් වන්නේ කිසියම් හෝ මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ පුද්ගලයින් 4 දෙනෙකු සහ ඒ ඇබ්බැහිය මගින් ඔවුන්ගේ ජීවිත වෙත පැමිණෙන නොයෙක් දුක් කම්කටොලු සහ අබාග්‍යයන්. එයට සිනමාකරණයෙන් ලැබෙන පිටිවහල කෙතරම් ප්‍රබලද කිවහොත් මොහොතකදී ප්‍රේක්ෂකයාට එම ඇබ්බැහිය තමන්ගේම එකක් ලෙස දැනෙන්නට පටන් ගනී. එතැන් පටන් ඔබට අවශ්‍යය වන්නේ හැකි තරම් ඉක්මනින් මේ චිත්‍රපටිය ගෙවා දමා නැවතත් පියවි ලොවට පැමිනිමටය්. මෙතරම් ප්‍රබල මත ද්‍රව්‍යය තේමාවක් රැගත් චිත්‍රපටියක් මගේ මතකයට නැගෙන්නේ නැහැ. එය ඉඳි කටුවක් නොමැතිවම ඔබේ නහර වලට කා වැදෙය්.

 

ඉන් පසු රංගනය සහ කතාන්දරය ඔබව සලිත කිරීමට පටන් ගනී. ප්‍රධාන නළු නිලියන් සියල්ලෝම ප්‍රෂන්ශනීය රංගනයක යෙදෙන අතර අංග රචනයන්ද එයට නොදෙවනිව පවතී. ඒවායින් චිත්‍රපටියෙහි ප්‍රබලත්වය තවත් දස ගුණයකින් වැඩි කෙරෙයි. සියලුම ජවනිකාවන් යම් කිසි මොහොතක ප්‍රේක්ෂකයාගේ සිත තුල හොල්මන් කිරීම අරඹය්. එය එය අරෝනොෆ්ස්කි චිත්‍රපටි අධ්‍යක්ෂණයේ අකණ්ඩ ලක්ෂණයකි. සෙමෙන් ඇරඹි සිත සසල කරමින් නිමවෙන මේ චිත්‍රපටිය මග නොහැරිය යුතු එකකි.

 

I rate this 4.5/5

 

-Priyantha Bandara


Requiem for a dream (2000)
Drama

 

Synopsis: The drug-induced utopias of four Coney Island individuals are shattered when their addictions become stronger.(IMDB)

 

Darren Aronofsky, Ellen Burstyn, Jared Leto , Jennifer Connelly,Marlon Wayans

Dredd (2012)




Well just as I expected this movie sucks. I just wanted to see how high up it is in the suck meter. And believe me it’s pretty high. There is no worthy plot, action, animation or acting in this. Just some too reddish body parts and eye candy high speed camera sequences.  Apart from that it reminds a bit of Raid Redemption and boy RR is so much better than this. Anyone who watched it in 3d must have loved the floating body parts and gushing blood all over the glasses. But when it comes to 2d it is not nearly a movie that I can call to be a remake of the Judge Dredd I saw long time back.

 

මා බලාපොරොත්තු වූ පරිදිම මේ චිත්‍රපටිය අසාර්ථක එකක්. මට අවශ්‍යය උනේ එය කෙතරම් අසාර්ථකද කියා දැන ගැනිමටය්. විශ්වාස කරන්න එය ඉතා බංකොලොත්. මෙහි කිව හැකි තරම් කතාවක් හෝ, ක්‍රියාදාම හෝ, රංගනයන් හෝ පරිගණක සජීවිකරණයන් නැහැ. ඇත්තේ ඕනෑවටත් වඩා රත් පැහැගත් මිනිස් සිරුරු කොටස් සහ ඉතා සුක්ෂම අධි වේගී කැමරා ජවනිකා පමණි. ඒ හැරුණු කොට එය Raid Redemption චිත්‍රපටියේ කතාවට සුළු නෑකමක් දැක්වුවද RR හා කිසි ලෙසකින්වත් සැසඳීම සුදුසු නොවේ. මෙය ඔබ නැරඹුවේ 3d නම් ඔබ යම් තරමකට හෝ විසිවෙන මස් කැබලි සහ රුධිරය දැක මදක් සලිත වන්නට ඇති. නමුත් 2d චිත්‍රපටිය මා කලකට පෙර නරඹන ලද Judge Dredd චිත්‍රපටිය හා සැලකීමේදී දැඩි කලකිරීමකට පත් වෙයි.

 

I rate this 2/5

 

-Priyantha Bandara

 

Dredd (2012)

Action | Thriller

 

Synopsis: In a violent, futuristic city where the police have the authority to act as judge, jury and executioner, a cop teams with a trainee to take down a gang that deals the reality-altering drug, SLO-MO (IMDB)

 


Saturday, December 29, 2012

Silmido (2003) (South Korea/Korean)




This movie is based on a strong military background but not the usual war themed. It is more of a military spy thriller that drills its routes from recruiting and training to deployment. And said to be based on true events that took place in 1960s South Korea it is a tremendous journey of heroism and courage. And for being a movie about soldiers and love for the nation its stands well above many mediocre films of that sort.

 

Silmido is structured well with good performances by most of the large cast. The only downfall is that we being unfamiliar with the names and faces of the characters at times can be a bit confusing. (They say all Asians look the same for a reason). But once that part is sorted out and the timeline and characters are set its pretty much clear to the audience. And the tough and sort of merciless training these soldiers go through are well portrayed making a solid base for the plot that unveils later. And the much unexpected twist hits the viewer on an unexpected moment. This is where the movie gets a real turn and emotional.

 

(From this point onward it's translation in Sinhala language)

 

මෙය ප්‍රබල හමුදා තේමාවක් චිත්‍රපටියක් වුවද නිතර දක්නට ලැබෙන හමුදා චිත්‍රපටි වලට වඩා බොහෝ සෙයින් වෙනස් එකකි. එය සෙබළුන් බඳවාගැනීම, පුහුනුකිරිම සහ විසිරුවාහැරිම යන අංශ සියල්ලම හොඳින් ආවරණය වන අයුරින් දිවෙන කතාවකි. එමෙන්ම 1960 ගණන් වලදී දකුණු කොරියාවේ සිදු වී ඇතය් දැන් සනාත වී තිබෙන රහස් හමුදා මෙහෙයුමකි මේ චිත්‍රපටියට තේමා වන්නේ. එනිසාම එහි විශේෂත්වය තවත් වැඩි වෙයි.

 

චිත්‍රපටියක් වශයෙන් එය හොඳින් ස්ථානගත වන අතර තරමක් විශාල නළුවන් පිරිසකගේ හොඳ රන්ගනයන්ගෙන්ද යුක්තය්. සමහරක් විට අප කොරියානු නම් සහ ඔවුන්ගේ මුහුණුවර ගැන දැනීමක් අඩු බැවින් චරිත වෙන් කර හඳුනා ගැනීමේ සුළු අපහසුතාවයකට පත් විය හැකි. (ඔක්කොම චීන්නු එක වගේ කියා කියන්නේ කට කසනවාට නොවේ ) . නමුත් එය හරි හැටි විසඳා ගත් පසු කතාවේ හරය වඩා හොඳින් වැටහෙය්. සොල්දාදුවන්ගේ දරුණු සහ අමානුෂික පුහුණුවීමේ ක්‍රම ඉතා හොඳින් පෙන්වීම තුලින් කතාවේ අවසානයට ප්‍රබල පිටුවහලක් ලැබෙය්. එමෙන්ම කතාවේ අනපේක්ෂිත මොහොතක සිදු වන විශාල වෙනස් වීම සමගම එය බොහෝ හැඟීම් බර එකක් බවට පත්වෙයි.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Silmido (2003) (South Korea/Korean)

 

Synopsis: Based on a true story of 1968 Korean Republic Army plan to assassinate North Korean president Kim Il-Sung. 31 criminals and death row inmates are recruited into secret training on the island of Silmi; for two years they are subjected to maximum mental and physical abuse before the mission is cancelled and the unit terminated. (IMDB)

 

Bridge of Madison County (1995)




Love is the root of life and the most wonderful thing out there. It makes you outlive any hardship and gives you the courage and blesses to survive. Hollywood once was great in its romance section. Lately majority of their love stories have become dull, repeats, heartless, too complicated or too good to be true. And finally not so humanely possible and artificial like Twilight. But this movie is genuinely romantic. It is unique, very much possible and filled with warmness. The Bridges of Madison County will make you fall in love.

 

The middle aged Meryl Streep delivers a true to life very natural and simply gorgeous performance as a house wife living in a lonely farm with her family leaving all the dreams she once wanted to have. And then comes older but yet handsome Clint Eastwood a lonely photographer and a traveler looking for some article about the area. And when they meet what sparks can be cherished in heart for a lifetime living all over again to warm up the coldest of nights. This movie is utterly soul touching and cinematically peaceful and beautiful. There are long scenes of conversations and explanations. But it’s moments of silence speaks the most meaningful dialogues.

 

ප්‍රේමය යනු ජීවිතයේ පදනමය්. එය ඔබට ජීවිතය ජීවත් කිරීමටත් එහි සියලු භාදක ජය ගැනීමට ශක්තිය සහ ආශිර්වාදය ලබා දෙයි. හොලිවුඩය ප්‍රේම කතා වලට ඉතා ප්‍රසිද්ධ කාලයක් තිබිණ. නමුත් මෑත කාලීන බොහොමයක් ප්‍රේම කතා හුදෙක් බොල්, නවමු බැවින් තොර, හැඟීම්බර නැති එමෙන්ම සැබෑ ජීවිතයට යා කල නොහැකිතරම් කෘතීම ඒවා බවට පත්වීම දුක්මුසු කරුණකි. Twilight වැනි සමහර කතා කෙතරම් කෘතිමද කිව හොත් ඒවා ප්‍රේමය නමැති සුන්දර මානුෂික අත්දැකීමට විෂ එකතු කළේය. නමුත් මේ චිත්‍රපටිය ඇත්තෙන්ම ප්‍රේමනීය එමන්ම නිතර නොදකින, ජීවිතයට යහමින් යා වන උණුසුම් පෙම් කතාවකි.

 

දක්ෂ නිලි තවමත් මැදි වියේ පසුවන මෙරිල් ස්ට්‍රීප් තම පවුලත් සමග සුන්දර ගොවිපලක වෙසෙන ගෘහනියක්. ඇගේ රංගනය ඉතාමත් තාත්වික එමෙන්ම සුන්දර එකක්. මේ අතර වයසින් වැඩි නමුත් කඩවසම් ක්ලින්ට් ඉස්ට්වුඩ් තනිවූ චයාරුපශිල්පියෙකුගේ චරිතයට පන පොවමින් එම ප්‍රදේශයට පැමිණෙනවා. ඔවුන්ගේ කෙටි හමුවීමෙන් පසු ඇති වන්නා වූ හැඟීම් ජීවිත කාලයක් පුරාවට ඔවුන්ව ශීතල රාත්‍රීන් සියල්ල උණුසුම් කිරීමට තරම් ඒවා වෙයි. මේ චිත්‍රපටිය තදින් සිතට දැනෙන එමෙන්ම සිනමාකරණයේ සුන්දර එකක්. එහි දිගු කතා බස් සහිත ජවනිකා වෙයි. නමුත් වැඩියෙන්ම කතා කරන ජවනිකා වල වචනයකුදු නොවේ.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Bridge of Madison County (1995)

Drama | Romance

 

Synopsis: Photographer Robert Kincaid wanders into the life of housewife Francesca Johnson, for four days in the 1960s. (IMDB)

 


Friday, December 28, 2012

Pieta (2012) (South Korea, Koreal)




This movie feels so controversial that while one part of you will argue it’s a great movie and the other part would say it disgusting. For a fact it is one of the most unbearable movies I have seeing in recent times. And honestly I’m still arguing with myself to rate this high or low. Because while I love it for many reasons there are equal amounts of reasons I hate it.

 

The plot is simply unique. I don’t know how true to life it is and if this really takes place in South Korea but one thing I know is that it’s brutal and inhumane. And this is the very fact I hate it. Some of the things that are shown simply should not be shown in a movie art or porn whatever it is. I’m not talking about dead bodies or breaking bones here. This movie crosses some lines that should not be crossed. Period! But ultimately the plot proves that the viewer has being betrayed all along and whatever said and done has a different meaning to it. And when the final frame unfolds its strong enough to engrave an eternal impression on the viewers mind. But I will never ever watch this movie again. You dont need that pain again.

 

දකුණු කොරියාවේ කර්මාන්ත පුරවරයක මුදල් ගිනි පොලියට දීමේ ජාවාරමකි. මෙසේ මුදල් ගන්නේ ජීවිතයෙන් බැට කන අසරණ කර්මාන්තකරුවෝය. ඔවුන් මුදල් නැවත ගෙවීමට අපොහොසත් වුනු විට ඒවා අය කර ගැනීමේ කුරිරු අමානුෂික මෙහෙවරක යෙදෙන සිත් පිත් නැති මිනිසෙකි. ඔහුගේ ක්‍රියාකාරකම් කෙතරම් කෘර වුවද ඔහුට සුළු හෝ පසු තැවීමක් ඇති බවක් නොපෙනේ. නමුත් මේ සියල්ල වෙනස් වන්නේ වසර 30 කට පසු ඔහු මෙතෙක් නොදැන සිටි තම මව හදිසියේ හමු වීමෙන් පසුවය්.

 

ඉතා සරල ලෙස සාරන්ෂගතකල හැකි වුවත් මෙවැනි ආන්දෝලනාත්කම කතාවක් මා චිත්‍රපටියක මෑත කාලයේ දැක නැහැ. එහි අඩංගු සමහරක් දර්ශන ඉතා සංවේදී එමෙන්ම කිසි ලෙසකින්වත් චිත්‍රපටියක් තුල පෙන්විය යුතු ඒවා යයි මාහට අවංකව එකඟ විය හැකි නොවේ. එම නිසාම මේ චිත්‍රපටිය උසස් එකක්ද නැත්නම් පහත එකක්දය් කියා වර්ගකිරීමට බොහෝ විට සිතින් වාද කිරීමට සිදුවෙය්. කතාවක් සහ ඉදිරිපත් කිරීමක් වශයෙන් එය සත්‍යය වශයෙන්ම ඉතා ප්‍රබලය. ඇස පිනවන කැමරා කෝණ හෝ සුන්දර ලලනාවන් මෙහි නැතත් සමාජ විෂමතාවය සහ ම්ලේච්චත්වය මෙතුලින් ඉතා ශක්තිමත් ලෙස ගම්‍යය වෙයි. එහි අවසන් ජවනිකාව කෙතරම් ප්‍රබලද කිවහොත් එය ප්‍රේක්ෂක මනසේ සදා කල් නොමැකෙන මතකයක් තබා වියැකී යයි. නමුත් මේ චිත්‍රපටිය කිසි ලෙසකින් හෝ මා නැවත නොබලන බව කිව යුතු වෙයි. ඒ එහි වේදනාව නැවත වරක් මා හට දැකිය නොහැකි නිසාය.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Pieta (2012) (South Korea, Koreal)

Drama

 

Synopsis: A loan shark is forced to reconsider his violent lifestyle after the arrival of a mysterious woman claiming to be his long-lost mother.(IMDB)

 

 


Thursday, December 27, 2012

Cloud Atlas (2012)




I’m not gonna praise this. Though it is a gigantic production with simply mind blowing creativity all of that is ultimately a formula to a massive failure. The plot is enormous and it is one the most complicated and hard to connect. Maybe I’m too stupid to get it or I didn’t concentrate enough but none of those story lines is good enough to make any emotional connection with the movie. All seems the usual tales some overly dramatic, two are Sci Fi in nature, one kind of detective story, another more to comedy but all in all not a single story make sound connections with each other unless the same actors appearing in them over and over again. The movie wants us to believe that there is some kind of a connection exists between these characters something to do with afterlife and reincarnation or whatever but that point is so vaguely put. Totally bored me from the start but kept hanging on expecting something might turn it at someplace. But only thing turned was my enthusiasm to boredom.

 

(From this point onward it's translation in Sinhala language)

 

මේ වැනි චිත්‍රපටියක් මා මින් පෙර කිසිදා දැක නැති බව එක හෙලා කිව හැකි උවත් එය අගයකිරිමටනම් මට නොහැකිය. මක් නිසාද යත් මේ තරම් විශාල නිෂ්පාදන ප්‍රයත්නයක්, කතාවක් සහ දක්ෂ නළු නිලි එකතුවක් සිටිද්දීත් සිතට කොහෙත්ම නොදැනෙන හැඟීම් ශුන්‍ය චිත්‍රපටියක් වීම එයට හේතුවය්. මෙහි කතා එකක් නොව බොහොමයක් වෙයි. ඒ කතාවන් එක එක කාල වකවානු සහ පෘතුවියටත් ඉන් එපිට ලෝක වලටත් අයත්. ඒවායේ සිටින්නේ වෙනස් චරිත වුවත් ඒවා රඟපාන්නේ එකම නළු නිලියන් විසින්. එහි අරමුණ වන්නේ අප නොයක් කාලවලදී නොයෙක් ආත්මයන්හි නොයෙක් අයවලුන් ලෙස ජීවත් වන බව සහ ඒ එක් එක් ආත්මයන් අනෙක්වා සමග සම්බන්ධයක් ඇති බව පෙන්වීමත්ය. නමුත් චිත්‍රපටිය එම අදහස කෙතරම් ඉස් මතු කර දැක්වීමට උත්සාහ කලත් එය ප්‍රේක්ෂක සිත් තුලට කා වදින්නේ නැති බවකි දැනෙන්නේ. තැනින් තැන ඇති ත්‍රාසය සහ ක්‍රියාදාම හැරුණු කොට ඉතුරු සියල්ල ඇල් මැරුණු ගතියක් පෙන්වය්.

 

I rate this 2.5/5

 

-Priyantha Bandara

 

Cloud Atlas (2012)

Drama | Mystery | Sci Fi

 

Synopsis: An exploration of how the actions of individual lives impact one another in the past, present and future, as one soul is shaped from a killer into a hero, and an act of kindness ripples across centuries to inspire a revolution. (IMDB)

 


The Help (2011)




The world is a dynamic place. Some of it is for the good and some for the bad. Treating people differently for the color of their skin is one of those bad things. Out of many movies that spark controversy about colored racism, The Help is a strong one. And it has tear jerking moments and sound cast and acting written all over it. There is no better word to explain it than ‘inspiring’.

 

Already made its place in the Oscars the year it was released this movie has got large recognition which it deserves. But the theme and the era it speaks of have endless value that cannot be just turned down. And it is the state of human mind which want to control others and ignoring the side of the controlled. The Help is about the life, feelings and voice of such set of people who are controlled that they thought that they can never be heard. Good cinematic value and touching script make The Help a movie that can be enjoyed and remembered.

 

(From this point onward it's translation in Sinhala language)

 

ලෝකය විවිධාකාරය්. එය විටෙක හොඳටත් තවත් විටෙක නරකටත් සිටි. මිනිසුන්ගේ සමේ වර්ණය නිසා ඔවුනට වෙනස් අයුරකින් සැලකීම ඒ විවිදත්වයේ අඳුරු පැති කඩකි. කළු සුදු භේධය ගැන කියවෙන චිත්‍රපටි අතුරින් The Help විශේෂ වන්නේ එහි කතාවත්, විශිෂ්ඨ රංගය කුසලතාවයනුත් එක් කල විටය්. එතුලින් ප්‍රේක්ෂකයාට සමාජයේ අප්‍රියජනක ස්වරුපය ගැන අවබෝධයක් ඇති කරයි.

 

වසර 1960 ගණන් වල ඇමෙරිකාවේ සුදු ජාතිකයින්ගේ නිවාස වල බල මෙහෙවර කරන කළු ජාතික කාන්තාවන් සහ ඔවුන් අත් විඳින මානසික පීඩාවන් මෙහි කතා තෙමාවය්. කිසිදු ලෙසකින් ලිංගිකත්වය හා නොබැඳෙන මේ චිත්‍රපටිය හුදෙක් මිනිසුන් වශයෙන් අනෙකා පරයා තම ආධිපත්‍යය පැතිරුවීමේ විෂම ආශාව ඔස්සේම දිවෙය්. එමෙන්ම එම ආධිපත්‍යට යටත් වන මිනිසුන් කොට්ටාශයේ හඬ නැසෙන තරම් එකක් වුවත් ඔවුන්ගේ ජීවිතයේ කටුක බව සහ නිදහස් වීමේ බොළඳ නමුත් සුන්දර සිහිනය ඔවුන් සියල්ලන්ටම පොදුය. හොඳ අධ්‍යක්ෂණයක් සහ සිනමාකරණයත් සමගින් එන The Help ඇසට කඳුලක් උනවන මතකයේ රැඳෙන හොඳ චිත්‍රපටියක්.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

The Help (2011)

Drama

 

Synopsis: An aspiring author during the civil rights movement of the 1960s decides to write a book detailing the African-American maids' point of view on the white families for which they work, and the hardships they go through on a daily basis. (IMDB)

Wednesday, December 26, 2012

The Hobbit: An Unexpected Journey (2012)




I’ll try to keep this review short as possible. There are enough and more reviews for this one on the net already. My first thought of the first scene of this was that ‘Feels like coming home’. Being a hardcore fan of LOTR trilogy it’s just pure bliss to lay eyes on the magic of Tolkien and Peter Jackson blending in together once again. And just as I expected this movie is nothing less but cinematic wizardry right from the start to end. For 3 hours it will put you in a trance (or a coma whatever you call it)  and this spectacularly detailed characters, landscapes, sets ,costumes and music starts to emerge one after another at one point you might think OMG this is too much to digest at one go. Yes it’s that much visually breathtaking.

 

And then comes the story. And it’s not that great as the visuals yet. Why I said so is that this is a trilogy. And we all know that Jackson’s trilogies have no meaning taken separately. They do once all 3 combined. So for us to go ‘OMG what a story’ we have to wait 2 more years. But still the part what’s packed in this chapter is very well made. There is equal amount of danger, humor and heroism. But sometimes it makes you wonder if some sequences are really required. (Like the battle of Stone Giants). Maybe it stretches the movie unnecessarily.  But all in all when you watch it in that jaw dropping 3d no sequences is a bad sequence. And the closing scene is so detailed and power packed that you might piss your pants thinking of what’s coming in future!!

 

(From this point onward it's translation in Sinhala language)

 

දැනටමත් මේ චිත්‍රපටිය ඇති පදම් විචාරය වී ඇති හෙයින් මම කෙටියෙන් ලියනු කැමැත්තෙමි. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටි පෙලේ මුල් කාලින දැඩි රසිකයෙකු වශයෙන් මා හට මුලින්ම කිව යුත්තේ මේ චිත්‍රපටිය සත්‍යය වශයෙන්ම අමුර්තයක් බවය්. නැවත වරක් ටෝල්කයින් ගේ සුන්දර කතාවක් පීටර් ජැක්සන් ගේ අධ්‍යක්ෂණයකින් දකින්නට ලැබීම භාගයක් මිස වෙනකක් නොවේ. මා අපේක්ෂා කල පරිදිම මෙය දැවැන්ත ආකර්ශනීය සිනමා විජ්ජාවක්. එහි පැය 3ක් පුරා එකිනෙකට නොදෙවෙනිව දිග හැරෙන චරිත, භූමිතල, පසුබිම්, ඇඳුම් ආයිත්තම් සහ සංගීතය නිසා ඔබ අනිවාර්යයෙන්ම මෝහනය වෙයි. විටෙක ඒ තරම් සුන්දරත්වයක් දරාගැනීමට ඔබට නොහැකි වේදෝ කියා බියක්ද ඇති වෙයි. ඔවු. මෙය එතරම්ම ලස්සන රුප රාමු එකතුවක්.

 

දැන් කතාව දෙසට හැරෙමු. රූප රාමු තරම්ම එය තාමත් සුන්දර එකක් නොවේ. මා එසේ කිවේ මේ චිත්‍රපටියේ තවත් කොටස් දෙකක් අපට ඉදිරි කාලයේදී දැකීමට ඉඩ තිබෙන නිසා. ජැක්සන්ගේ චිත්‍රපටි ත්‍රිත්වයන් වෙන් වෙන්ව ගත් කල ඒවායේ කතාවේ අරුත අඩු අතර ඒවා සියල්ල සමස්තයක් වශයෙන් ගැනීමේදී පමණි එහි නියම වටිනාකම තිබෙන්නේ. මේ නිසාම කතාව ගැන වඩා හොඳක් කියන්නට අපට අනිවාර්යයෙන්ම තවත් වසර දෙකක් බලා සිටින්නට සිදු වේවි. මේ කොටසේ ඇති තරම් හාස්‍යය, ත්‍රාසය සහ වීරත්වය ගැබ් වී තිබෙනවා. නමුත් සමහරක් ජවනිකා ඇත්තෙන්ම කතාවට අවශ්‍යයද යන්න සැක සහිතය් (ගල් යෝධයින්ගේ සටන). ඒ නිසා චිත්‍රපටියේ ධාවන කාල ඕනවට වඩා දික් වීම සිදු වෙය්. නමුත් සමස්තයක් වශයෙන් ගත් කල අධි තාත්වික ත්‍රිමාන රූපරාමු  නිසා ඕනෑම අනවශ්‍ය හටනක් කට බලියාගෙන බලා සිටින්නට පුළුවන. ඒවාගේම චිත්‍රපටියේ අවසාන රුප රාමුව කෙතරම් ප්‍රබල සහ සවිස්තරාත්මකද කිවහොත් මීළඟ චිත්‍රපටි වලදී දකින්නට ලැබෙන දේවල් ගැන සිතන විට සමහර විට ඔබේ කලිසම තෙමෙන්නටත් බැරි නැහැ.


I rate this 3.5/5

-Priyantha Bandara

The Hobbit: An Unexpected Journey (2012)
Adventure | Fantasy

Synopsis: A younger and more reluctant Hobbit, Bilbo Baggins, sets out on a "unexpected journey" to the Lonely Mountain with a spirited group of Dwarves to reclaim a their stolen mountain home from a dragon named Smaug.(IMDB)


Paranorman (2012)




To start with this one is not the usual sweet animation. It is eerie, scary and bit yucky. So it’s different. Seldom have we seen animations of this sort. There is lot of screaming, falling body parts and floating ghosts. But don’t get too alarmed. It’s not that gory. When it comes to plot it’s not the greatest one ever made but its good enough to keep the movie going. There are enough humor and bunch of cool characters that fits in well (including dead people). Overall it cannot compete much with the big animations out there. But production and direction wise is it something to see. The stop motion animation is simply superb. Maybe the best ever made (Or maybe I have not seeing the best so far).

 

(From this point onward it's translation in Sinhala language)

 

මෙය නිතර දැක පුරුදු සුන්දර තේමාවක් රැගත් සජීවිකරණ චිත්‍රපටියක් නම් නොවෙය්. එය බියකරු, ත්‍රාසය පිරි එමෙන්ම තරමක් හිරිකිත එකක්. එහි ඇති තරම් මර ලතෝනි, කඩා හැලෙන ශරීර කොටස් සහ පාවෙන හොල්මන් තිබෙය්. නමුත් බිය නොවන්න. ඒවා හුදෙක් විනෝදජනක ඒවා මිසක බිහිසුණු ඒවා නොවේ. මේ කතාව අතිශය වෙනස් එකක් නොවුනත් චිත්‍රපටිය සමබරව ගෙන යාමට එය සමත්. මෙහි රසවත් චරිත ගොඩක් සහ හාස්‍යය අන්තර්ගතය් (හොල්මන් ඇතුළුව). සමස්තයක් වශයෙන් ගත් කල නිතර දකින සජීවිකරණ චිත්‍රපටි වලට අභියෝගයක් වීමට නොහැකි බව පෙනුනත් මෙහි සජීවිකරණ උත්සාහයනම් ඉතා හොඳයි. එමෙන්ම නිෂ්පාදන අගයද හොඳ බව කිව යුතුය්.

 

කතාව ගෙතෙන්නෙ මළවුන් සමග සුහද කතා බහේ දීමට සහජ හැකියාවක් ඇති කුඩා දරුවෙක් තම නගරයට ඇතිවන ප්‍රේත උවදුරක් දුරු කරලීමට උත්සාහ කරන ආකාරයයි. නගරයේ සියල්ලෝම මේ දරුවා දෙස දක්වන්නේ දැඩි අකමැත්තක් වුවත් අවසානයේදී ඔවුනට ඔහුගේ පිහිට අත්‍යාවශ්‍යය වනවා.

 

I rate this 3/5


-Priyantha Bandara

 

Paranorman (2012)

Animation| Adventure| Comedy

 

Synopsis: A misunderstood boy takes on ghosts, zombies and grown-ups to save his town from a centuries-old curse. (IMDB)



Sunday, December 23, 2012

Extracted (2012)




Not all movie scripts get a big studio to produce it. And not all movies get a big budget. And not all low budget movies look good. But Extracted is an out of the ordinary small time movie which is quite good for its budget and production. It’s a science fiction that may not sound entirely original but very interesting. Going in to someone else mind and reading their thoughts all sounds a little too familiar. But this one has a twist that worth the wait. Few minutes in to the movie you feel like it looks like TV material. But once you get passed that it will get you hooked. Just little under one and half hours it’s a perfect short watch to stimulate your scientific brain.

 

(From this point onward it's translation in sinhala language)

 

සැම පිටපතක්ම විශාල ප්‍රමාණයේ චිත්‍රපටි ලෙසින් නිෂ්පාදනය වන්නේ නැත. එසේම අඩු පිරිවැයක් දරා නිෂ්පාදනය වන චිත්‍රපටි බොහෝ විට  ජනප්‍රිය හෝ ඉතා හොඳ වන්නේද නැත. නමුත් Extracted මෙයින් බැහැර වන හොඳ විද්‍යා ප්‍රබන්ධයක් සහිත අඩු පිරිවැය චිත්‍රපටියක්. අනෙක් කෙනෙකුගේ මනසට ඇතුළු වී ඔවුන්ගේ මතකයන් සජීවී ලෙස නැරඹීමට හැකි යන්ත්‍රයක් සහ එය පරිහරණය කිරීමේදී මිනි මරුවෙකුගේ මනසේ සිරවී නැවත ඒමට නොහැකිවන විද්‍යාඥයෙක් ගැනය මේ කතාව ඇත්තේ. එය ඇත්තෙන්ම රස විඳිය හැකි එකක්. මුලිකවම චිත්රපටියේ ඇති අඩු නිෂ්පාදන වටිනාකම හැරුනුකොට අනෙකුත් සියල්ල මැනවින් සම්පුර්ණ වුනු බවක් දැනෙය්.

 

I rate this 2.5/5

 

-Priyantha Bandara

 

Extracted (2012)

Sci Fi | Drama

 

Synopsis: A scientist who has invented a technique to watch people's memories finds himself in a dangerous situation after he's tasked with entering a heroin addicts mind to see whether the man committed murder. (IMDB)

2046 (2004) (Hong Kong/China/Mandarine)





2046 is an artistically mesmerizing, cinematographically dramatic piece of modern movie running on multiple timelines but not contemporary.  It’s subtle and thought stimulating but a puzzle of its own genre that some of us may not call as totally fulfilling. There is an open ending leads nowhere but in to an abyss of emotions and character. It’s very slow phased and segmented. There are few chapters of the same story but some not really is in a particular order. But somewhere down the line we get to connect the dots but more dots seems to appear in the horizon.

 

Maybe Chow is one of the most complicated and self centered man I saw in a recent movie. He is a drifter for some extent but a cold hearted writer who doesn’t bother to care about the people who fall for his charm. And when it comes to Su Li-Zhen and Bai Lang are they used or are they actually borrowed we tend to wonder. But still in this monotonous, congested city of Hong Kong everyone seems to be taking advantage over the other. And in those glimmering colorful lights and glasses full of wine there are many secrets hidden.

 

2046 connects a science fiction novel written by Chow and his inspirations to come up with its story. The presentation is so well made that the bond between him, the sci fi novel and the character he create seems to be so real. And there is a huge void in his heart that the viewer feels along with the tears and the pain of the people he connects with. He doesn’t let go of his subtle smile or the mustache no matter how twisted situations he faces. Maybe it’s his identity.  Live like nothing can touch him after all the pain he confronted in the past that makes him a drifter and a writer.

 

I will be watching this over and over again in years to come... And every time I’d see something new.


(From this point onward it's translation in sinhala language )

 

2046 යනු නවකතාවක නමකි. චෝව් එහි රචකයා එය නම් කරන්නේ ඔහුගේ පැරණි නළඟන එක රැ පෙම්වතිය සිටි කාමරයේ නොම්බරය නිසාය. ඔහු අඳුරු හොන්කොන් නගරයේ පැලපදියම් වන්නේ 1966 වසරේදී. ඒ නොම්මර 2047 කාමරයේ. එයින් පසු ඔහුගේ සල්ලාල ජීවිතයේ විටින් විට හඳුනා ගන්නා තරුණියන් සහ මිනිසුන් ඔහුගේ නවකතාවේ චරිත බවට පෙරලෙය්. ඒ නව කතාව අනාගත ලෝකය සහ මිනිසුන් තම පැරණි මතකය සොයා 2046 නමැති ස්ථානයට යන දිගු දුම්රිය ගමන ගැනයි. ඒ ගමන ඔහුට සහ ඔහුගේ අපේක්ෂා වලට එක එල්ලේ සම්බන්ධ වන්නේය. ඒ නිසාම ඔහුගේ වත්මන් ජීවිත අන්දරයත් මේ නවකතාවත් අතර දෝලනය වන මේ චිත්‍රපටියෙහි කතාව ඉතා සියුම් නමුත් මනස කළඹන එකකි.

 

චෝව් යනු තැනින් තැන ගැවසෙන හිත පිත් නැති කෙටි කාලින පෙම්වතෙක් ලෙස පෙනේ. ඔහුට ගැහැණිය හුදෙක් කාමාශාවන් සහ තනිකම මකාලන සරල උපාංගයකි. නමුත් ඔහුට පෙම් බඳින සු ලි-සෙන් හෝ බෙය් ලෙන් එක සේ සිත් තැවුලට පත් වන්නේ ඔවුන්ගේම වරදිනි. චෝව්  කිසි සෙත් එම යුවතියන් හට තම ගැඹුරු මානසික හැඟීම් නොපෙන්වය්. ඔහු යහනෙන් නැගිට යන විට ඇයට මුදල් ගෙවන්නට තරම් කුරිරුද එසේත් නැත්නම් සානුකම්පිතද යන්න සිතිය යුතු කරුණකි. එසේම ඔහුගේ ජීවිතය කොය්බට ගමන් ගත්තද ඒ කිසිම තැනෙක ඔහුගේ හදවත් තබා යන්නට තරම් ඔහු බොළඳ නොවේ.

 

ඉතා සෙමෙන් දිවෙන 2046 පරිච්චේද කිහිපයකින් යුතු කතාවකි. නමුත් එය දිවෙන්නේ එහි පිළිවෙලකට නොවේ. නමුත් අවසානයේදී ඔබට එහි පිළිවෙල සකසාගන්නට ලැබුනද ඉන් පසුව ඔබට ඉතුරුවන්නේ තවත් විවෘත අවසානයක් පමණි. ප්‍රේක්ෂක ඔබට එය රිසි ලෙස පුරවා ගන්නට තරම් ඉඟි බොහොමයක් ලැබෙය්. නමුත් ඒ කිසිවකින් හෝ ඔබ තෘප්තිමත් වන්නේද කිව නොහැකි. මා මේ අගනා සිනමා කෘතිය ඉදිරි වසර වලදී නැවත නැවතත් බලනු ඇත. ඒ සැම විටකම මා නොදුටු යමක් දකිනු ඇත.

 

I rate this 4.5/5

 

-Priyantha Bandara

 

2046 (Hong Kong/China/Mandarine)

Drama

 

Synopsis: He was a writer. He thought he wrote about the future but it really was the past. In his novel, a mysterious train left for 2046 every once in a while. Everyone who went there had the same intention.....to recapture their lost memories. It was said that in 2046, nothing ever changed. Nobody knew for sure if it was true, because nobody who went there had ever come back- except for one. He was there. He chose to leave. He wanted to change. (IMDB)

Side By Side (2012)




Side By Side (2012)

Documentary

 

If you do not have the simplest of interest about the movie industry and the technical aspects which makes it so special you will not find anything in this. But if you’re the kind who believe that movies are a form of magic that makes the human kind significant as artistic beings then this is for you. And it mainly concentrates on one aspect of movie making. That’s the medium of its preliminary form of capturing images. The conversation is built upon the traditional yet still prominent film medium and the new and improving digital medium and post process of both. There are many well known names in the industry participate by giving their opinions and sharing experience of working with both mediums. Names such as George Lucas, Martin Scoresese, James Cameron, Steven Soderbergh and many other directors, cinematographers, editors etc. It creates a balance between the old and the new while controversially discuss the destructions the industry currently face due to the popularization of the digital mediums and equipment that eats in to the creativity which ones stood to be the most important element.

 

 

මෙය වාර්තාමය චිත්‍රපටියක්. එයින් කතා කෙරෙන්නේ පැරණි නමුත් සිනමාවේ මුල් ජීවය වුනු පටල පටයත් එමෙන්ම නුතන නැගී එන digital තාක්ෂණයත් නිසා සිනමා කර්මාන්තයෙහි සිදු වුනු සහ සිදු වෙමින් පවතින වෙනස් කම්. ඔබ සිනමාව ගැන යම් තරමක හෝ ආදරයක් සහ ඇල්මක් ඇති අයෙකුනම් සහ සිනමාවේ තාක්ෂණික හුරුව ගැන යම් තරමක දැනීමක් ඇති අයෙකුනම් පමණි ඔබට මෙහි සැබෑ අරුත සහ වටිනාකම දැනෙන්නේ. එය හුදෙක් වාර්තාමය චිත්‍රපටියකට වඩා මනුෂ්‍යය වර්ගයාගේ මනා කලාත්මක හැකියාවන් ඉදිරිපත් කල හැකි හදවතට ඉතා සමීප සිනමා මාධ්‍යය ගැන කෙරෙන කාලෝචිත විග්‍රහයක්. මෙහි අද සිනමාවේ ඉහලින් කියවෙන අධ්‍යක්ෂවරු සහ අනෙකුත් ශිල්පින් ගොඩකගේ අදහස් ඉදිරිපත් කෙරෙනවා. ඒ අතර ජේම්ස් කැමරොන්, ජෝජ් ලුකස්, ස්ටීවන් සෝඩර්බෙර්ග්, මාටින් ස්කොසේසේ වැනි පල පුරුදු අධ්‍යක්ෂවරුන් විශේෂයි. කලෙක සිනමාව ඉතා සුවිශේෂ කළා මාධ්‍යයක් ලෙස සැලකුනද නුතන digital තාක්ෂනය නිසා එහි ඇති වී තිබෙන උද්යෝගය නිසාම එයින් ගිලිහි යන නිර්මාණශිලිත්වය ගැනත් මෙහි කතා වෙනවා.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Synopsis: The documentary investigates the history, process and workflow of both digital and photochemical film creation. (IMDB)



අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...