Pages

Sunday, March 3, 2013

Life of Pi (2012)




No doubt this is one of the greatest spectacles of year 2012 and surely in the history of cinema. A very unique story comes to light with breathtaking beauty that a person has watched once will not forget for a life time. Apart from being a touching story that involves a young Indian boy and a Bengal Tiger stranded in the middle of the sea together after a shipwreck, the emotional value and the deep thoughtfulness comes with it is the key to the success of this. Having a brilliant flow from the point of starting titles and solidly building the base for a large story Life of Pi doesn't make any visible mistakes. Some scenes are magically beautiful with sound visual effects in the making that makes this one of the most beautiful movies ever seeing. This is well acted and wonderfully scored proving that still movies that has life and heart comes to light even once in a while.

 

වසර 2012 සහ සමස්ත සිනමා ඉතිහාසයම තුල මෙතෙක් නොදුටු තරම් අපුර්වතම දර්ශනයන් රැගත් සිනමා කෘතියක් ලෙස මෙය එක හෙලා හැඳින්විය හැකි වෙයි. වරක් දුටුවෙක් ජීවිත කාලයක් පුරා මතකයේ තබාගන්නට තරම් ඉස්තරම් කතාවක් සහ මනරම් බවක් මෙහි තිබෙයි. නැවු අනතුරකින් පසුව මුහුදේ එකට අසරණ වන තරුණ ඉන්දියානු කොලු ගැටයෙක් සහ බෙන්ගාල කොටියෙක් වටා ගෙතුණු අද්විතීය කතාන්තරය හැරුණු කොට මෙහි ඇති හැඟීම් බර බව සහ ගැඹුරින් කල්පනා කල හැකි අනෙක් සියලු දේ වෙතින් මේ චිත්‍රපටිය තව තවත් විශේෂ එකක් වන්නේය. මුල සිටම ස්ථාවරව ගොඩ නැගෙන කුඩා කතාව තුලින් තවත් විශාල වන ප්‍රධාන කතාවට මැනවින් පිවිසෙන අතර මෙහි බැලු බැල්මට පෙනෙන තරම් වූ කිසිදු අඩු පාඩුවක් නොවයි. සමහරක් දර්ශන වල ඇති මනස්කාන්ත බව සහ පසුබිම් සංගීතය මුසු කොට ගත් කල මෙතෙක් දුටු සුන්දරම සිනමා අත්දැකීමක් බවට එය පෙරලෙයි. සුන්දර රංගනයන් සහ සංගීතයෙන් හෙබි මෙවැනි චිත්‍රපටි තුලින් තවමත් ජීවිතයට සහ හදවතට සමීප චිත්‍රපටි කරලියට පැමිණෙන බවට සනාත කෙරෙයි.

 

I rate this 4.5/5

 

Life of Pi (2012)

Drama | Adventure

 

Synopsis: A young man who survives a disaster at sea is hurtled into an epic journey of adventure and discovery. While cast away, he forms an unexpected connection with another survivor: a fearsome Bengal tiger. (IMDB)


අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...