Pages

Sunday, November 11, 2012

Gangs of Wasseypur II (2012) (India | Hindi)




Gangs of Wasseypur II (2012)
Action | Crime | Drama

Just as I expected the second and the last installment of the Gangs of Wasseypur is strong, powerful and brutal than the first one and it simply break shattering grounds of Indian cinema. The vengeance pass down father to son and after 3 generations it continues to boils iron and there is no end to it. This is nothing but brilliant film making by Anurag Kashyap. It could simply be one of the best gangster and mob movie made not only in India but in the world cinema. It’s raw, suspenseful and mind bogglingly realistic. And this starts right from where the first movie left the story and the killing spree becomes a marathon with many in line up. Great cinematography with long single camera sequences which is executed with brilliant accuracy and performance. This factor makes the viewer to experience some of the most intense scenes without interruption and the imagination to boil further and further.  I don’t recall such raw acting in any of the recent movies even from Hollywood. Each of these characters are so dominant in their role sometimes it’s hard to get your eyes off even from a small time character. This is nothing but a luminous piece of cinema screaming the society of bitter truth.

නුතන ඉන්දීය සිනමාව තුල බිහි වූ විශිෂ්ට කෘතියක් බවට තහවුරු වූ  Gangs of Wasseypur චිත්‍රපටියෙහි දෙවැනි සහ අවසාන කොටසය් මෙය. එය මා බලාපොරොත්තු වූවාක් සේම පළමු චිත්‍රපටියට වඩා සාර්ථක, දරුණු සහ ප්‍රබල එකක්. පරම්පරාවෙන් පරම්පරාවට වයිරය පොදී බැඳගෙන හැදෙන වැඩෙන සමාජයේ කටුක සහ දුර්ගන්ධ පැති  කඩක් මේ චිත්‍රපටියෙහි මුලික තේමාව වනවා. මුල් චිත්‍රපටිය අහවර වූ  තැනින්ම ආරම්භ වන මේ දෙවැන්න ඒ කතාවේ නව මන් සොයමින් ඉතා ප්‍රබල ලෙස සීග්‍රයෙන් ඉදිරියට ඇදෙනවා. විශිෂ්ට රංගන කුසලතාවයන් බොහෝ ගණනක් මෙහි එන නොයෙක් චරිත ගොන්නට පන පොවන අතර ඒ රංගනයන් බොහොම තාත්වික එමෙන්ම සාමාන්‍ය ඉන්දියානු සිනමාවේ දකින්නට නොලැබෙන තරම් ඒවා. ඒ හා සමග මුසු වූ කුසලතා පුර්ණ කැමරා අධ්‍යක්ෂණය කතාවේ ප්‍රබලත්වය දෙගුණ කිරීමට බොහෝ සෙයින් රුකුල් දෙන බවට ඔබට ඉක්මනටම වැටහේවි. සමහර දිගු එමෙන්ම තනි කැමරා රාමුවකින් හෙබි ජවනිකා ඇත්තෙන්ම කිහිප වරක් නැරඹිය හැකි තරම් සුක්ෂම ඒවා. අපරාධ කල්ලි සහ පාතාලය ගැන කියවෙන ඉන්දියාවේ පමණක් නොව ලෝක සිනමාවේ මෙතෙක් නිෂ්පාදනය වුනු  හොඳම ගනයේ චිත්‍රපටි ගොන්නට මෙය ඇතුලත් වේවි.

4.5/5

-Priyantha Bandara

Synopsis : A son seeks vengeance when his father is killed by a coal mine owner

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...