Pages

Friday, November 30, 2012

Premium Rush (2012)




Premium Rush (2012)
Action | Thriller

Bet you have seeing movies about cars, bikes, trains and even aero planes which are thrilling and kept you at the edge of your seat. But this one is all about bicycles and trust me it is equally or even better maybe. Once this movie is over you might feel like you had a one and half hour cardio session on a bicycle. Some of you might be sweating and burnt many calories in the process!! It is that fast and that enjoyable. I in fact felt like I’m getting a cramp on my hamstrings after seeing all the riding. Come to think of it the simple yet gripping plot keep the whole movie in good shape and the fantastic bicycle rides and stunts just make the watch worthwhile.

This is not the usual thriller that you come by. It’s take place in the big city and 99% on the streets. And the swift and wonderful moving camera work will make you latterly fly low with speed and you might forget that its bicycles you’re looking at. Though easy it may seem the total thrill of this depends on the accuracy of the camera work. And indeed on the catchy performance of the main cast. Have some energy drinks and get ready to have the ride of your life!

මොටර් රථ , දුම්රිය, යතුරු පැදී සහ ගුවන් යානා යනු චිත්‍රපටි වලට නුහුරු නුපුරුදු තේමා සපයන්නන් නොවේ. නමුත් නිකම්ම නිකම් බයිසිකලයක් ඒසා උද්වෙකගර ක්‍රියාදාම චිත්‍රපටියකට තේමා විය හැකිද? එයට නියම පිළිතුර Premium Rush. පුෂ් බයිසිකල් මත නැගී නිව් යෝක් නුවර පණිවිඩ බෙදන කණ්ඩායමක් වටා ගෙතුණු මේ කතාව ඇත්තෙන්ම වෙනස් එමෙන්ම සිත ගත දෙකම මහන්සි කරවන එකක්. චිත්‍රපටිය අවසන් වන විට ඔබ පුරා පැය එකහමාරක් තිස්සේ ඉතා වේගයෙන් බයිසිකලයක් පැද්දා සේ දැනේවි. (මටනම් හීන් දහදියක් සමග කෙන්ඩා පෙරලිමක්ද සිදු නොවුනේ මොකක්දෝ වාසනාවකට).

මේ චිත්‍රපටියේ ජීවය රැඳී පවතින්නේ විශ්ෂ්ට කැමරා අධ්‍යක්ෂණය මතය. ඉතා ජනාකීර්ණ නාගරික පරිසරකය දිග හැරෙන දිගු ක්‍රියාදාම ජවනිකා ඉතා හොඳින් කැමරා ගත කොට තිබෙනවා. ඇත්තෙන්ම මේ නම් බයිසිකල් නොව වෙනත් අධි වේගී වාහනයක්දය් විටෙක සැක සිතෙන තරමට ඒවා සජීවී. හුස්ම නොගෙනම බැලිය හැකි ජවනිකා මෙහි එමටය්.

3/5

-Priyantha Bandara

Synopsis: In Manhattan, a bike messenger picks up an envelope that attracts the interest of a dirty cop, who pursues the cyclist throughout the city.(IMDB)

Wednesday, November 28, 2012

Triangle (2009)




Triangle (2009)

Thriller | Mystery | Horror

This practically is not a horror but a physiological thriller that would leave your mind twisted for a good deal of time. The first 40 minutes runs like a baby with no big thrills or surprises. And then it starts to change face to be something you can hardly imagine of. And the plot is very difficult to predict which is one of the key reasons that it’s so effective. Apart from that the sets and atmosphere is fairly simple. And it lets you to digest the twisted plot completely without any background interference. The plot can be discussed, argued and hated upon many bases such as fiction, science, belief or religion. Yet whichever the way it’s explored or explained it will just leave you with a thrilling movie experience. If you do not have previous experience in mind and time loop cinema plots you will definitely be blown away by this. And believe me you are equally helpless to face the horrors yet to come just as the set of people in the movie!

කාලය සහ එහි ප්‍රතිගමනය ගැන ලියවුනු චිත්‍රපටි කතා ඇත්තේ සුළු ප්‍රමාණයක්. මේ ඉන් එක සාර්ථක කතාවක්. එය ඔබේ මනස සැබවින්ම අඹරා වියවුල් කර දමන්නට සමත්. කුඩා යාත්‍රාවක නැගී මුහුදු සවාරියකට යන කණ්ඩායමකට හදිසි කුණාටුවක් නිසා තම යාත්‍රාව අහිමි වෙනවා. ඉන් පසු මුහුදේ පාවෙමින් අතරමන් වී සිටින විට විශාල නවුකාවකට ගොඩ වීමට ඔවුනට හැකි වෙනවා. එය අති විශාල පාලු නවුකාවක් බව ඔවුනට ඉක්මනටම තේරුම් යනවා. මේ නවුකාව ඇත්තෙන්ම අභිරහසක්ද නැත්නම් මායාවක්ද කියා තීරණය කිරීම ප්‍රේක්ෂක ඔබට භාර වේ. නමුත් ඒ තීරණය ලේසි පහසු එකක් නොවන බවනම් කිව යුතුමය. මක් නිසාද මේ චිත්‍රපටියේ සිදුවන සිද්ධි දාමය කෙතරම් වෙනස් සහ සිත සලිත කරවන සුළුද කියා ඔබ තවමත් නොදන්නා බැවිනි. එසේ ගත් කල චිත්‍රපටියේ ප්‍රධාන චරිත මෙන්ම ඔබද අසරණය!! ඒ ඔබට අත් දකින්නට ලැබෙන බිහිසුණු දේවල් ගැන ඔබට කිසි ලෙසකවත් පෙර සුදානමක් නොමැති බැවිනි.

3.5/5

-Priyantha Bandara

Synopsis: The story revolves around the passengers of a yachting trip in the Atlantic Ocean who, when struck by mysterious weather conditions, jump to another ship only to experience greater havoc on the open seas.

Tuesday, November 27, 2012

Barfi (2012) (Hindi, India)




Barfi (2012) (Hindi, India)
Drama | Comedy | Romance

Let me piss off some of you to start with. Who ever thought this is Oscar material please wake up your hallucinating. If this is that then Black is out of this planet! True Barfi is a very good entertainer. It’s beautiful in every aspect. It’s filled with Lovely cinematography that some scenes are purely photographic art. And on top of everything Ranbhir and Priyanka does mind blowing fantastic performances. From the moment I watched Rockstar he climbed many steps on my bollywood actor’s scale and this time also he proves that he is nothing but talent. Maybe the new age plastic heroes with six packs should seriously learn from this guy.

What I may not prefer is that it’s a bit of a drag. Usually Hindi movies are drag but this you feel it. The story change phase often and the plot change its mood and preferences frequently which actually put the viewer in a tight spot. There are moments where you cannot actually figure out where it’s headed. Apart from that as mentioned before it’s amazingly beautiful and thoroughly enjoyable. There are more than few scenes which are so emotional in a totally bollywood style. But seriously India you will not get anywhere in Oscars if you don’t realize the amazing movies you produce other than masala. Why not try MTV awards with this?

මේ වසරේ ඉන්දීය සිනමාව දුටු වඩාත් කතා බහට සහ ප්‍රසංසාවට ලක් වුනු Barfi නම් වන මේ චිත්‍රපටිය ඇත්තෙන්ම එතරම් උසස් ගනයේ චිත්රපටියක්ද යන්න දෙවරක් සිතිය යුතු කරුණකි. ලොව විශාලතම සහ වටිනාම ඔස්කාර් සම්මානය සඳහා ඉන්දියාවෙන් මෙවර නිර්දේශ වන චිත්‍රපටි අතරට මෙයද එක් වෙයි. නමුත් සත්‍ය වශයෙන්ම චිත්‍රපටියක් ලෙස ගත කල මෙහි මින් පෙර නුදුටු අරුම පුදුමයන් නොමැත.  රන්බීර් කපුර් සහ ප්‍රියංකා චොප්රා ගේ අති විශිෂ්ට රංගන දායකත්වය සහ ජවනිකාවෙන් ජවනිකාවට සුන්දර රූප රාමු හැරුණු කොට මෙහි ඉතුරි වන වෙනත් අද්විතීය යමක් නොමැත. එම නිසාම වෙනත් ඉන්දියාවේ නිෂ්පාදිත අගනා සිනමා කෘති වලට නොලැබෙන අගය කිරීමක් මේ චිත්‍රපටියට ලැබෙන්නේ කෙසේද යනු ගැටලුවකි.

පුරා පෑ දෙකහ මාරකට සමීප ධාවන කාලය මේ සඳහා මදක් වැඩි බවය් මගේ හැඟීම. කතාවේ ඇති නිතර වෙනස් වන සුළු ගතිය සහ කතාවේ අරමුණු හරි හැටි ස්ථානගත නොවීම ප්‍රේක්ෂකයා විටෙක අපහසුවට පත් කරන බව හැඟෙ. ඒ හැරුණු කොට සුපුරුදු ඉන්දීය සිනමාවට හුරු සුන්දරත්වය මේ චිත්‍රපටිය පුරාවටම සිත්තම් වී තිබෙනවා. බොහෝ අවස්ථාවල එය ප්‍රේක්ෂකයාව සිනහවෙන් කුල්මත් කිරීමට සමත් මෙන්ම තවත් මොහොතක ඇසට කඳුලක් එක් කරනවා.

3/5

-Priyantha Bandara

Synopsis : Three young people learn that love can neither be defined nor contained by society's norms of normal and abnormal.

Monday, November 26, 2012

English Vinglish (2012) (India, Hindi)




English Vinglish (2012) (India, Hindi)
Drama

The first impression you get from English Vinglish is that Sri Devi has not lost her glory after this many years off the screen and this is a ever better and improved version of her. Her facial expressions are simply fabulous and her eyes just speak not only English and Hindi but almost all the languages you can every think of. This movie is profoundly successful thanks to her and I for a fact cannot simply think of another who can pull this off this perfect. As a movie this is far less glamorous than the usual bollywood flick. It has no huge dance crews, upbeat songs or breathtaking visuals. But it has the most important element. That is a story. A story that actually applies to the south Asian audience than anywhere else and it is dramatic and heartfelt. A thoroughly enjoyable movie from India after sometime yet still intact with a touch of masala.

මේ සිනමා සිත්තම නරඹන ඔබට මුලින්ම සිතට ඇති වන හැඟීම වන්නේ ශ්‍රී දෙවි නම් නිළිය කෙතරම් කලක් රිදී තිරයෙන් සැඟවී සිටියද අයගේ සුන්දරත්වයේ සහ රංගනයේ කිසිදි අඩුවක් සිදු වී නොමැති බවය්. ඇත්තෙන්ම මෙය ඇගේ වෙනස් නමුත් ඇත්තෙන්ම වැඩි දියුණු කල රංගන හැකියාවක් වෙය්. ශ්‍රී දේවිගේ ඒ සුන්දර රංගනය නිසාම මේ චිත්‍රපටිය මුල සිට අග තෙක් අලංකාර වන අතර එහි ගැබ් වුනු ලස්සන කතාන්තරය එමගින් තව තවත් ලස්සන වන බව කිව යුතුය. ඉංග්‍රීසි බස හැසිරුවිමට නොදන්නා කම නිසා ඉමහත් සිත් තැවුලට සහ නොයෙක් පීඩා වලට ලක්වන සාම්ප්‍රදායික ඉන්දීය බිරිඳකගේ චරිතය ශ්‍රී දෙවි විසින් ඇති විශිෂ්ට අන්දමින් නිරුපනය කරනවා. ඇයගේ මුහුණේ ඇති හැඟීම් නම් ලොව කිසිම බසකට කියා නිම කල නොහැකි තරම් තාත්වික සහ ප්‍රබල එවය්. එමෙන්ම චිත්‍රපටියක් වශයෙන් ගත කල බොහෝ හින්දි චිත්‍රපටි වලට වඩා සරල සුන්දර බවකින් හෙබිය්. නමුත් එය මේ චිත්‍රපටියේ සාර්ථකත්වය කිසි ලෙසකින් හානි කොට නැහැ. දකුණු ආසියාවේ අපට තදින් සිතට දැනෙන ජවනිකා රැසකින් මෙය පෝෂණය වනවා.

3/5

-Priyantha Bandara

Synopsis: A belittled and insecure Indian housewife enrolls in an English language class.

The woman in Black (2012)




The woman in Black (2012)

Horror | Thriller

From its full definition this is a fine horror. It starts with an eerie sequence of terrifying squeak and then gradually moves to become darker and scarier. The wonderful work done with the remarkable set creation and cinematography just engulf the viewer in to a dark abyss. With that detail and the intriguing plot it unfolds a solid horror movie that you might actually stop a heart beat or two when it progresses. The plot on the other hand is quite good but becomes clear and predictable from one point. But still the interest on it doesn’t die. If you’re a hardcore fan of horror you might find this mundane. But for someone like me who does not get entertained by horrors much it’s a good and different viewing experience.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ චිත්‍රපටිය බිහිසුණු එකක්. එහි අඳුරු කතා තේමාව සහ විශිෂ්ට කැමරා සහ පසුතල අධ්‍යක්ෂණය තුලින් එහි බිහිසුණු බව තව තවත් තීව්ර කෙරෙනවා. විශාල මඩ ගොහොරුවකින් වට වූ පැරණි පාලුවට ගිය මන්දිරයක් විකිණීමේ අරමුණින් එහි නීතිමය ලිය කියවිලි සැකසීම සඳහා පැමිණෙන පෙරකදෝරු වරයකුට එහිදී අත් විඳීමට සිදුවන ලොමු දහගන්වෙනසුළු භයන්කාර සිදුවීම් මේ චිත්‍රපටියේ තෙමාවය්. විටෙක නිසසල නමුත් විටෙක මන්දිරයේ කොනින් කොන දෝංකාර දෙන මර ලතෝනි ඔබේ දෙකන් පසාරු කරන බව සිකුරුය්.

3/5

-Priyantha Bandara

Synopsis: A young lawyer travels to a remote village where he discovers the vengeful ghost of a scorned woman is terrorizing the locals.

Sunday, November 25, 2012

Karma (2012) (Sri Lanka , Sinhala)




Karma (2012) (Sri Lanka , Sinhala)
Drama

Karma is about life, living, betrayal and acceptance. It dwells around 3 characters that are bound by fate and destiny who cross their paths for the good or the bad. And there are no other prominent cast what so ever. The whole movie is somewhat takes place in side dark atmospheres in moments other than it comes to broad day light which is rarely. In cinematographic perspective it is one of the best which I have seeing in local cinema. Every frame is pure art and photographic. Then it comes to the slow yet mind boggling and tempting plot. Each moment it gives you something to squabble about. There is very mild humor but only for the ones who can actually see it. But largely though it seems a story of despair and darkness this is a tale of romance. The love what you see in this is not expressed by words. But just be mere simple gestures and deep yet dramatic physical connections. And it is not the usual romance that blooms in lovely colors while the whole world turns to summer. It’s completely the opposite. Maybe the love in Karma is the purest of all that only few have the privilege to even experience. This movie talks so many things with so little words and the young and new but talented cast has done a strong performance to complete it. Some expressions on the main leads face are priceless. In a time where many believe local cinema is not local anymore this is a gem of a movie that will keep you pondering for many nights to come.

කර්ම යනු දේශීය සිනමාවේ අඳුරු වලාකුලට කලකට පසු තැබූ රිදී ඉරකි. එය ප්‍රභාවත් රංගනයන්ගෙන් සහ මනසට පෝෂණය ගෙනෙන කතාවකින්ද හෙබි එකකි. රුප රාමුවක් රාමුවක් පාසා මනසේ නොයෙක් ඉම් බිම් ස්පර්ශ කිරීමට එයට හැකි. විටෙක ඔබට හැඟෙන දෙය තවත් විටෙක සහ මුලින්ම උදුරා දමන්ට එයට පුළුවන. ඒ මෙහි එන කතාවේ ඇති සියුම් කෝණයන් නිසාමත්ම නොවේ. නමුත් ඒ කතාව  ප්‍රේක්ෂකයා තුල ජනිත කරවන හැඟීම් එකිනෙකාට සාපේක්ෂව වෙනස් ලෙස පැවතීමට ඉඩ තබා දිග හැරෙන නිසාවෙනි. එක වරකට විනාඩි කිහිපයක් වත් කතාවක් වශයෙන් ඔබට කර්ම රස විඳීමට හැකියාවක් නොහේ. නමුත් ජීවිත ගවේෂණයක් සහ ගැඹුරු මානසික අධ්‍යයනයක් වශයෙන් ගත් කල එයින් මිදීමට ඔබට හැකි වෙවියය් මම නොසිතමි. කැමරා , පසුතල සහ ආලෝක අධ්‍යක්ෂණය අතින් මා මෑත කලකදී දේශීය සිනමාවේ දුටු විශිෂ්ටම සිනමා කෘතිය මෙය බව කිව යුතුය්. එහි සියලුම රුප රාමු ප්‍රවීන කලාත්මක හුරුවක් ගනී. එහි රසයෙන් ඔබව මොහොතින් මොහොත කතාව තුල ගිල්වා දමා තවත් මොහොතක හුස්ම සිරකොට දමය්. මෙහි සැබෑම තේමාව වේදනාව, ජීවිතයේ දුෂ්කර බව නොව එය උත්තරීතර වූ ප්‍රේමයම වන්නේය. නමුත් වෙනත් ප්‍රේම කතාවන්මෙන් මෙහි සුන්දර ප්‍රේම ජවනිකා හෝ දෙබස් ඇතුලත් නොවේ. ඇත්තේ මදින් මද දිග හැරෙන සිද්ධි දාමයක් පමණි. ප්‍රේක්ෂක ඔබ ඒ සිද්ධි ගොන්න අතුරින් වඩාත්ම ග්‍රහණය කර ගන්නා සිද්ධීන් විසින් මේ කතාව විශ්ලේෂණය කරනු ඇත.

4/5

-Priyantha Bandara

Saturday, November 24, 2012

Ted (2012)




Ted (2012)
Comedy

Ted is funny and it’s not the ordinary comedy movie. It resembles the wicked alien genre of ‘Paul’ but it’s far away from being a duplicate and highly unique. And there is quite a lot to laugh about. It’s quite clever with the tense and witty script and the background narrative that pops up time to time. It reminds you of a Disney Christmas movie and then quickly changes the colors of It's feathers to an adult comedy with many capital F’s to fit in! Do not expect a cute teddy bear that makes a lifelong companion. Expect a bad ass fluff toy that dates hottest chicks.

ඇත්තෙන්ම විනෝදකාමී චිත්‍රපටි අතරට එක වන තවත් නවතම සංකල්පයක් සහ චරිතයක් Ted. පන ඇති පුලුම් පිරවූ සෙල්ලම් වලසෙක් සහ ඔහුගේ ස්වාමියා මෙන්ම හොඳම මිතුරා අතර ජීවිත කාලයක් පුරා සිදුවන නොයෙක් හාස්‍යය මුසු සිදුවීම් මේ කතාවේ තෙමාවය්. බොහෝ දුරට වැඩිහිටියන්ට වඩාත් සුදුසු විහිළු තහළු මෙහි එමටය්.

2.5/5

-Priyantha Bandara

Synopsis: As the result of a childhood wish, John Bennett's teddy bear, Ted, came to life and has been by John's side ever since - a friendship that's tested when Lori, John's girlfriend of four years, wants more from their relationship.

Wednesday, November 21, 2012

The Boy in the Striped Pajamas (2008)




The Boy in the Striped Pajamas (2008)

Drama| History | War

I must have seeing dozens of very emotional and powerful movies based on the World War II and the holocaust. But to be frank this one stands out of the ordinary and simply makes its mark. There is nothing new about the era and the events that take place in this. But what’s remarkably new is its viewpoint. Choosing two kids to run the show is not an easy task at all but showing the real side of being a child and how they perceive the world is even harder. Sometimes you might put to answer the burning question of what exactly does it mean by growing up if children grow up to become adults and then devils in the process. The movie is quite short comparing the depth of its plot but that doesn't seem to have affected its effectiveness. What bring the true amusement to the show are the wonderfully talented performances by the two kids. There is plenty of space for the viewer to re live their childhoods one way of the other. Though how sad the ending might be it still leaves you with many sweet memories. Bravo movie making!!

දෙවන ලෝක යුද්ධය සහ යුදෙව් මිනිස් සංහාරය ගැන ගෙතුණු විශිෂ්ට චිත්‍රපටි බොහොමයක් ඇත. නමුත් ඒ තේමාවම කැටි කොට ගත් ඉතා විශේෂ චිත්‍රපටියක් මෙය. මෙහි කැපී පෙනෙන විශේෂත්වය වන්නේ එම බිහිසුණු සහ හද කම්පා කරවන සිද්ධි දාමය සහ යුගය කුඩා දරුවන් දෙදෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කිරීමය්. විටෙක ඇදහිය නොහැකි තරම් වන සුන්දර සහ දක්ෂ ළමා රංගනයක් මේ සිනමා කෘතිය තුල දැකිය හැකි. එමෙන්ම සංවේදී සහ හොඳින් ලියවුනු පිටපත නිසා ඒ රංගනයන්හි ගුණාත්මක බව තවත් තදින් දැනෙන බව කිව යුතුය්. කුඩා දරුවන් සහ ඔවුන්ගේ ඇති අව්‍යාජ මානුෂිකත්ව මොනවට පැහැදිලි කරවන චිත්‍රපටියක් නිසාම සමහරක් විට දරුවන් මිනිසුන් වීමේදී ඔවුන්ගේ මනුස්සකම මැකී අමනුස්සයින් බවට පත් වන්නේ ඇයිද කියා ඔබ ඔබෙන්ම අසනු ඇත. කෙතරම් දුක්බර අවසානයක් වුවත් මතකය ඇති තාක් අමතක නොවන සුන්දර සිනමා කාව්‍යයක්!

4/5

-Priyantha Bandara

Synopsis: Set during World War II, a story seen through the innocent eyes of Bruno, the eight-year-old son of the commandant at a concentration camp, whose forbidden friendship with a Jewish boy on the other side of the camp fence has startling and unexpected consequences.

Thursday, November 15, 2012

Step Up Revolution (2012)




Step Up Revolution (2012)
Drama | Music | Romance

Step up was new back in 2006 but not anymore. We all know it’s about dancing and we all know that every time the story is about a very good looking young couple who strive to make their dancing dreams come true. And this movie is nothing but the same. Only thing different is actors and the moves. Honestly the story is nothing but lame and stupid. I don’t wanna sweat trying to justify it. What are awesome are the dance sequences and the cinematography. They are simply breathtaking and insanely well done. However there were better ones in the previous movies but this has some unique sequences all together. Don’t see any exceptional performances or talents to mention of. Still what Tantum has done back in the day is the real deal.

Step Up කතා මාලාව අපට නුහුරු දෙයක් නොවේ. එය තරුණ ජවය සහ නුතන නර්තනය පසුබිම් කරගත් හුදෙක් බොළඳ පෙම් කතාවක් බව ඔබ දැනටමත් දන්නවා විය යුතුය්. මේ එහි නවතම පරිච්චේදයය්. එහිද මුල් චිත්‍රපටි වලට වඩා නවමු දෙයක් අඩංගු නොවේ. ඉතා මනරම් නර්තනයන් සහ සුන්දර සිරුරු සහ මුහුණු ඇති තරුණ තරුණියක් ගොන්නක් මෙහි මුල් ස්ථානයේ සිටිනවා. කතාවක් වශයෙන් ගත් කල එය ඉතාමත් ශෝකජනය තත්වයකය් පවතින්නේ. ඒ නිසාම කතාව අමතක කර නර්තනය පමණක් උලුප්පා පෙන්වන ලෙසය් මේ නිෂ්පාදනය වන්නේ.

2/5

- Priyantha Bandara

Synopsis: Emily arrives in Miami with aspirations to become a professional dancer. She sparks with Sean, the leader of a dance crew whose neighborhood is threatened by Emily's father's development plans.

Tuesday, November 13, 2012

The Campaign (2012)




The Campaign (2012)
Comedy

While many comedies these days choose to create humor using sex, abuse and irrelevant language or scenarios this one just point blank makes a difference. It’s humorously fictional yet quite correct and real underneath. The dirty and the ugly world of politics are revealed here. And it is funny. Witty script and fantastic acting just makes it a laugh out loud experience.

දේශපාලන කරලියේ ඛේදනීය පැති කඩක් සියුම් ලෙස උපහාසාත්මකව හාස්‍යයට ලක් කරන චිත්‍රපටියක්. දැන් දැන් බිහිවන බොහෝ හාස්‍ය චිත්‍රපටි කමකට නැති කතා තේමාවන් සහ කුණු හරුප සහ අසැබි දර්ශන වලින් තම ජාමේ බේරගන්න කලෙක මේ චිත්‍රපටිය වෙනස් යමක් සිදු කිරීමට තැත් කල බවක් පෙනේ. බලන් ඉන්න පුළුවන් කතාවක් සහ රංගනයක් සහිත The Campaign  චිත්‍රපටිය සැබවින්ම විනෝදජනක එකක්. 

3/5

-Priyantha Bandara

Synopsis: In order to gain influence over their North Carolina district, two CEOs seize an opportunity to oust long-term congressman Cam Brady by putting up a rival candidate. Their man: naive Marty Huggins, director of the local Tourism Center.

Monday, November 12, 2012

Total Recall (2012)




Total Recall (2012)
Action | Thriller | Sci Fi

The remake of the Arnold classic back in 1990 is not a total disappointment but it’s almost there. There are many good reasons why I say to. But to start with the positive side the set creation and the attention to detail in this Sci Fi thriller is absolutely amazing. I repeat it’s amazing. If anyone else is planning to recreate futuristic slum cities in a movie then they should either bench mark or exceed what this has done. I don’t know if its total CG or tangible sets but whatever it is it’s remarkable. And then comes the long but thrilling action sequences. They are powerful and equally suspenseful. And it’s good to see Will Farrel in a Hollywood movie after sometime. While these factors make you kind of enjoy the movie but that barely keeps you going for an hour. When the second hour hits it kinda loose its momentum and drags to a predictable and not that exciting ending. The ultimate failure is that the plot doesn't kick in where it should. It just dwells on familiar grounds and doesn't really pull you in. Finally all you might remember is some thumping CG explosions and complicated CG cityscapes.

වසර 1990 දී තිරගත වුනු Total Recall චිත්‍රපටියෙහි නව නිෂ්පාදනය වන මෙය 2012 අගෝස්තු මස එලි බසින ලද්දක්. එහි කතාව තරමක් සංකීර්ණ එකක් වන අතර එය දිවෙන්නේ විධ්‍යා ප්‍රබන්ධයක් වශයෙන්. පුරා පෑ දෙකක් තිරගතවන එකක් උවද මුල් පෑ තරම් චිත්‍රපටියෙහි අවසන් භාගයේදී කතාව එතරම් සිත් ගන්න බවක් නොහැඟේ . එය ඇල් මැරෙන  ගතියක් දැනේ . ඉතාමත්ම විශිෂ්ට අන්දමින් නිෂ්පාදනය කොට ඇති පසු තල සහ අනෙකුත් පරිගණක ප්‍රයෝග නම් සිත් ගන්න සුලුය්. ඒවා ඇත්තෙන්ම අනෙකුත් කිසිම චිත්‍රපටියකට නොදෙවෙනි. නමුත් මුලින් සඳහන් කල පරිදි කතාවේ ඇති අඩු පාඩු නිසා මෙතරම් වෙහෙසකර නිෂ්පාදන කාර්යයක් අපතේ ගියාදෝ කියා සැකයක් ද පැන නැගී.

2.5/5

- Priyantha Bandara

Synopsis: A factory worker, Douglas Quaid, begins to suspect that he is a spy after visiting Rekall - a company that provides its clients with implanted fake memories of a life they would like to have led - goes wrong and he finds himself on the run.

Sunday, November 11, 2012

People Like Us (2012)




People Like Us (2012)
Drama

People Like Us turned out to be a surprisingly wonderful movie beyond what I honestly expected of it. At the beginning it looks like its build upon a familiar plot but soon it turn out to be a warm and an extraordinary tale with character. For a moment you might think the story is predictable but it hits that point of perdition way wonderfully than you will imagine. I like the acting too. The whole plot is based on 4 characters who are living and one dead which we get a glimpse only from photographs and a vintage video footage. But these main characters are well knitted together and as if the movie will not work if anyone or anything was done differently. It goes beyond what mediocre romance movies or family dramas offer by being able to speak to the hearts of the viewer. A very warm movie with very live people like us.

තම පියාගේ අවමන්ගල්‍යය සඳහා සහබාගි වීමට නගරයේ සිට පැමිණෙන පුතෙකුට පියාගේ අවසන් කැමැත්ත විමසීමේදී නොසිතු දෙයක් දන ගැනීමට ලැබෙනවා. එනම් ඔහු කිසිදා මුණ නොගැසුණු සොයුරියක් ඔහුට සිටින බවය්. මේ චිත්‍රපටිය තවත් මනරම් ආදර කතාවක් හෝ සුන්දර පවුලේ නාට්‍යයක් යයි නොසිතන්න. එය මේ කඩ ඉම දෙකම සාර්ථකව තරණය කල ලස්සන කතා වස්තුවක් සහිත උණුසුම් හැගීම් පිරි සිනමා සිත්තමක්. ඔබ කෙතරම් මේ කතාව දන්නවා හෝ ඊළඟට සිදුවන දෙය මෙයයය් අනුමාන කලද කතාවේ උච්චතම අවස්ථාවේදී එය ඔබේ නෙතට සියුම් කඳුලක් ගෙන ඒමට තරම් ප්‍රබලය. ප්‍රදාන චරිත පහක් උපකාරයෙන් ගෙතෙන මේ කතාව ඒ චරිත වල හොඳ නරක මනාව සම්පිණ්ඩනය කර ඇති බව පෙනේ. මේ කතාවේ සිටින්නේ ඇත්තෙන්ම ‘People Like Us’ නොහොත් අප වැනි මිනිසුන්මය.

3.5/5

-Priyantha Bandara

Synopsis: While settling his recently deceased father's estate, a salesman discovers he has a sister whom he never knew about, leading both siblings to re-examine their perceptions about family and life choices.

Gangs of Wasseypur II (2012) (India | Hindi)




Gangs of Wasseypur II (2012)
Action | Crime | Drama

Just as I expected the second and the last installment of the Gangs of Wasseypur is strong, powerful and brutal than the first one and it simply break shattering grounds of Indian cinema. The vengeance pass down father to son and after 3 generations it continues to boils iron and there is no end to it. This is nothing but brilliant film making by Anurag Kashyap. It could simply be one of the best gangster and mob movie made not only in India but in the world cinema. It’s raw, suspenseful and mind bogglingly realistic. And this starts right from where the first movie left the story and the killing spree becomes a marathon with many in line up. Great cinematography with long single camera sequences which is executed with brilliant accuracy and performance. This factor makes the viewer to experience some of the most intense scenes without interruption and the imagination to boil further and further.  I don’t recall such raw acting in any of the recent movies even from Hollywood. Each of these characters are so dominant in their role sometimes it’s hard to get your eyes off even from a small time character. This is nothing but a luminous piece of cinema screaming the society of bitter truth.

නුතන ඉන්දීය සිනමාව තුල බිහි වූ විශිෂ්ට කෘතියක් බවට තහවුරු වූ  Gangs of Wasseypur චිත්‍රපටියෙහි දෙවැනි සහ අවසාන කොටසය් මෙය. එය මා බලාපොරොත්තු වූවාක් සේම පළමු චිත්‍රපටියට වඩා සාර්ථක, දරුණු සහ ප්‍රබල එකක්. පරම්පරාවෙන් පරම්පරාවට වයිරය පොදී බැඳගෙන හැදෙන වැඩෙන සමාජයේ කටුක සහ දුර්ගන්ධ පැති  කඩක් මේ චිත්‍රපටියෙහි මුලික තේමාව වනවා. මුල් චිත්‍රපටිය අහවර වූ  තැනින්ම ආරම්භ වන මේ දෙවැන්න ඒ කතාවේ නව මන් සොයමින් ඉතා ප්‍රබල ලෙස සීග්‍රයෙන් ඉදිරියට ඇදෙනවා. විශිෂ්ට රංගන කුසලතාවයන් බොහෝ ගණනක් මෙහි එන නොයෙක් චරිත ගොන්නට පන පොවන අතර ඒ රංගනයන් බොහොම තාත්වික එමෙන්ම සාමාන්‍ය ඉන්දියානු සිනමාවේ දකින්නට නොලැබෙන තරම් ඒවා. ඒ හා සමග මුසු වූ කුසලතා පුර්ණ කැමරා අධ්‍යක්ෂණය කතාවේ ප්‍රබලත්වය දෙගුණ කිරීමට බොහෝ සෙයින් රුකුල් දෙන බවට ඔබට ඉක්මනටම වැටහේවි. සමහර දිගු එමෙන්ම තනි කැමරා රාමුවකින් හෙබි ජවනිකා ඇත්තෙන්ම කිහිප වරක් නැරඹිය හැකි තරම් සුක්ෂම ඒවා. අපරාධ කල්ලි සහ පාතාලය ගැන කියවෙන ඉන්දියාවේ පමණක් නොව ලෝක සිනමාවේ මෙතෙක් නිෂ්පාදනය වුනු  හොඳම ගනයේ චිත්‍රපටි ගොන්නට මෙය ඇතුලත් වේවි.

4.5/5

-Priyantha Bandara

Synopsis : A son seeks vengeance when his father is killed by a coal mine owner

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...