Pages

Friday, August 31, 2012

Revanche (2008) (Austria) (German language)





Revanche (2008) (Austria) (German language)
Drama

How does is it feel to love a prostitute? And what would you possibly doesn’t do to make her only yours? To start off with how does a prostitute differ from any other woman after all? Maybe these are few of the burning questions you might ask yourself while you watch this master of creative cinema. I must say this is not just a movie. Its pure art soaked in feelings. It will penetrate your skull and make a forever hurting wound in it. It is that strong and that profound in its story telling. There are no two words this is brilliant movie making from Götz Spielmann from Austria. It has a sharp tale that unfolds bit by bit slowly but steady and grabs the viewer by the backbone surprising him with each twist on the way. There is ample room for imagination but most of the time you will be dead wrong. The first half of the story runs disoriented with few story lines here and there but when the moment comes to put them in to one plot the real mind circus unfolds. Maybe until very late you will not realize that Revanche has no background music at all. I mean nil!! That vast emptiness of the atmosphere creates enough pressure for the fan to engulf in the story like it’s our own experience. Once again I have to say this is BRILLIANT!

ගණිකාවකට පෙම් බඳින්නේ කෙසේද? ඇය ඔබේම පමණක් කරගැනීමට ඔබ නොකරන්නේ මොනවාද ? ඒත් ගැඹුරින් සිතන කල්හි ගණිකාවක් අන් ගැහැණියකුත් අතර ඇත්තෙන්ම ඇති වෙනස්කම් මොනවාද? මේ චිත්‍රපටිය විඳින අතරතුර මෙවැනි දැවෙන ගැටළු ගොන්නක් ඔබේ සිතට පැන නගිනු ඇත. මෙය නිකම්ම නිකන් නාට්‍යමය චිත්‍රපටියක් නොවේ. එමන්ම එය හුදෙක් සුළු කතාපුවතක් රැගත් පැය දෙකකුත් නොවේ. මෙය වචනයේ පරිසමාප්ත අරුතින්ම විශිෂ්ට සිනමා කළා කෘතියකි. එය ජීවිතය සහ හැඟීම නමැති සයුරේ ගිලි පෙඟී ගිය අගනා චිත්‍රපටි අත්දැකීමක්. මේ කතා වස්තුව සහ එහි ඉදිරිපත් කිරීම කෙතරම් බලගතු වන්නේද යත් එයින් මිදී පලා යාමට ඔබට හැකි නොවේ. එය රසිකයාගේ කොඳු නාරටියෙන් අල්ලාගෙන සෙමෙන් සෙමෙන් නමුත් ස්ථාවරව ඉදිරියට ගලා යන්නේ ඔහුව වරෙක අතරමං කරමින්. ඔබට‍ බොහෝ දේ  සිතා ගත හැකි. නමුත් රිවන්චේ ඒ සියලු උපකල්පන සිඳ දමනු ඇත. තවත් විශේෂත්වයක් වන්නේ  මෙහි පසුබිම් සංගීතයක කෙඳිරියක් හෝ නොමැති විමය්. ඔබට ඒ බව සමහරක් විට කිසි සේත්ම නොදැනේවි. ඒ මුග්ධ නිසොල්මන අතර ඔබට නොදැනීම ඔබ තනි වෙන නිසාවෙනි.ඔස්ට්‍රියානු සිනමාවෙන් ලොවට පිදෙන මේ කෘතිය විශිෂ්ඨ සිනමා කෘති අතරට එක් වන අගනා සිනමා මිනි කැටයක්.

5/5

Synopsis: Ex-con Alex plans to flee to the South with his girl after a robbery. But something terrible happens and revenge seems inevitable.

-Priyantha Bandara



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...