Pages

Sunday, August 12, 2012

Gangs of Wasseypur (2012)



Gangs of Wasseypur (2012)

Drama | Crime

 

This movie is not for the short minded or weak hearted. It’s long like a dark coal mine and brutal like deep cut on a hot sunny day. Its story telling is fast phased. And it doesn’t give the viewer a second chance to catch up. Most of the time the story flaws vigorously until it finds some soft spot to relax for few minutes before the next hurdle. For people like us who thank the subtitle god for making things clearer, the phase puts a challenge. The plot is just a usual formula of anger and revenge. But it’s told in a unique perspective combining generations of anger in one mix which is one reason how the story is long to start with. And it has some similar characteristics with western mob movies in cinematography and music. But overall its hardcore bollywood style and culture that’s make it more effectively violent. Good and natural performances that combines rage, romance and lust makes this flick a strong experience. Maybe told in Godfather style there is another chapter which I would eagerly wait to see.

 

බටහිර පාතාල චිත්‍රපටවල සුළු සුළු ගැලපීම් තිබුනත් මෙය එවැනි චිත්‍රපටියකට කිසි සේත්ම සමාන වන්නේ නැති හොඳින් ගෙතුණු ඉන්දීය චිත්‍රපටියක්. ඉන්දියානු සංස්කෘතිය සහ ඒ මිනිසුන්ගේ ප්‍රේමය, වෛරය සහ බලලෝභී නිර්ලජ්ජිත ක්‍රියා පටිපාටින් උඩින් දිවෙන මේ කතාව දිගු එමෙන්ම සාහසික සහ ප්‍රචණ්ඩ දර්ශන ගොන්නකින් යුක්තය්. ඒ නිසාම බොහොම සියුම් සිතැති අයට මෙය සුදුසු නැති බව කිව යුතුමය්. නිතර දකින අවැඩ සහ පලිගැනීම ගැන කියවෙන කතාවක් උවද එය වෙනස් අයුරකින් නිර්මානාත්මක ඉදිරිපත් කෙරෙන අතර ඒ කතා පුවත වසර 60කට අධික කාලයක් පුරාවට දිවෙනවා. එමෙන්ම මේ රඟපෑම් ඉතාමත්ම බලවත් සහ තාත්වික ස්වරුපයක් ගැනීමද මෙහි හොඳ අංගයක්. කතාව බොහොමයක් විට ඉතා වේගවත් අයුරින් ඉදිරියට ගලායාම නිසා ප්‍රේක්ෂකයා යම් කිසි අපහසුතාවයකට පත්වන අවස්ථාද තිබෙනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල ඉන්දීය වාණිජ සිනමාව තුල නිතර නොදකින වර්ගයේ වටිනාකම් බොහොමයකින් මේ චිත්‍රපටිය පිරි තිබෙනවා. මේ කතාව අනිවාර්යයෙන්ම තවත් කොටසකට මුල්ගල් තබමින් නතරවනවා.

 

4/5


-Priyantha Bandara

 

Synopsis: A son seeks vengeance when his father is killed by a coal mine owner.




No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...