Pages

Tuesday, February 19, 2013

Skyfall (2012)





50 years in the making and no doubt Bond still is one of the best ass kickers in the movies.  And Skyfall proves it yet again. There is everything you can expect from a Bond movie here including fast cars, hot women, witty lines, cool gadgets and thumping load of action. But none of these are similar to what you have witnessed in the Bond movies in recent past. Surely there are differences. The plot has a broad emotional value than most Bond movies forgot. The woman are hot but there is no steaming sex. The cars are fast but they are not always modern super cars. The gadgets are cool but some of the best ones are MacGyver  type ‘make it your own’ kind of ones.  The action is also great but they are divided by solid pieces of story lines than piling them up on top of each other. All this makes a different Bond movie but a genuinely fine one. 

If you were expecting a nonstop action movie with hot pursuits and crashing of million dollar worth machines then you might feel a bit disappointed. But best of action movies are not only about bending iron or exploding everything that the hero touches. So bear with it if you think it’s too slow because good things always comes for the ones who wait.

ජේම්ස් බොන්ඩ් නාමය අද්විතීය ක්‍රියාදාම සිනමා කෘති විශාල ගණනක් සහ වසර 50 ක කාලයකට පසු අදත් එක සේ ප්‍රකට සිනමා චරිතයකි. නවතම Skyfall චිත්‍රපටිය ඒ බව මොනවට තහවුරු කරයි. බොන්ඩ් චිත්‍රපටියකින් ඔබ අපේක්ෂා කරන සියලුම දේවල් වන වේගයෙන් ධාවනය වන මෝටර් රථ, සරාගී ගැහැනුන් , හාස්‍යමය දෙබස්, නුතන උපාංග සහ පොලොව දෙදරා යන තරම් උද්වේගකර ක්‍රියාදාම මේ චිත්‍රපටියේද මැනැවින් අඩංගු වෙයි. ඒවා මින් පෙර දුටු බොන්ඩ් චිත්‍රපටි වලට බොහෝ සමානකම් දක්වන ඒවා වුවත් සැලකුය යුතු තරමේ විශේෂ වෙනස් කම් කිහිපයක්ද වෙයි. කතාව තරමක් පුළුල් මානුෂික හැඟීම් දනවන එකක් වන නිසාම එය සැබෑ වෙනසකි. එසේම ගැහැනුන් සරාගී වුවත් එතරම් බරපතල අනග රැඟුම් මෙහි නැත. මෝටර් රථ වේගවත් වුවත් ඒවා සැම විටකම අලුත් මාදිලියේ ඒවා නොවෙයි. උපාංගද බොහෝ තිබුනත් වඩාත්ම වැදගත් ඒවා තමන් විසින්ම සාදා ගත හැකි MacGyver  මාදිලියේ ඒවා බව පෙනෙයි. ක්‍රියාදාම ඉස්තරම් ගනයේ ඒවා වුවත් ඒවා එක පිට එක ගොඩ නොගසා එක් එක් ක්‍රියාදාම ඛණ්ඩයක් අතර සැලකිය යුතු තරම් දිගු අරුත් සහිත කතාව ඇතුලත් වෙයි. මේ සියල්ල තරමක් වෙනස් බොන්ඩ් චිත්‍රපටියක ලක්ෂණ වුවත් එය ඇත්තෙන්ම චිත්‍රපටියට හානියක් නොවෙයි.

ඔබ බලාපොරොත්තු වන්නේ මිලියන ගණනක් වටිනා යකඩ ගොඩවල් විනාශ වන එක පිට එක ක්‍රියාදාම සහිත චිත්‍රපටියක් නම් සමහර විට ඔබට යම් කම්මැලි කමක් දැනෙනු ඇති. නමුත් හොඳම ක්‍රියාදාම චිත්‍රපටි සැම විටම වඩාත්ම යකඩ නවන හෝ වීරයා අල්ලන අල්ලන තැන බෝම්බ පුපුරන ඒවා නොවේ. එනිසා ඉවසීමෙන් යුතුව මේ සුන්දර බොන්ඩ් චිත්රපටිය නරඹන ඔබට හොඳම දෙය දක්නට ලැබෙනු ඇත.

I rate this 3.5/5

Skyfall (2012)

Action | Adventure

Synopsis: Bond's loyalty to M is tested when her past comes back to haunt her. Whilst MI6 comes under attack, 007 must track down and destroy the threat, no matter how personal the cost. (IMDB)


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...