Rashomon
(1950)
Drama
| Crime
Already being immensely acclaimed to be a cinematic
masterpiece and commended by many of all variations of movie goers and critics,
this movie is no secret to many. And this is my two cents on Rashomon. It
indeed is very deep, hard to fathom, surprisingly powerful and one of the best
explanations to human psychology and behavior.
Come to realize it
there is no such strong story in it. It’s just a plain simple chain of events
that’s explained in slightly or vastly different way by different individual.
These explanations are directly connected to the inner self of the individual
and the way he/she expect the outside world to view them. But what’s unique is
how Akira Kurasava has masterfully directed these events in a way that it
generates a great deal of enthusiasm right from the beginning. And during
different stages of the movie the element of enthusiasm is used at different
intensities to keep the momentum going. The viewer trapped in mind without
knowing that the main plot is actually a cover up to a psychological
explanation keeps digging in to it but
may not find any answers by doing it. The script itself tells that ‘I don’t
understand anything’ and ‘I don’t understand myself’ quite a few times. Yet anyone
who watches it would try to understand it. And this understanding would differ
from their perceptions of the whole event.
Another powerful essence of Rashomon is the cinematography.
It’s creative and subjective yet again. The use of signs and excessively long
scenes makes the viewers mind to boil. And the background score which sounds
like a peak of an opera does not let the mind to settle. It just keeps on
rattling like a bad record. But it speaks for the movie so well that without
the music it may not be this effective after all.
This short review would be of no avail if I don’t mention
anything about the acting. There are few main characters and all of them
portray strong performances. Toshiro playing Tajomaru the notorious bandit is
no doubt steals the limelight but the rest of the characters too are very well
played.
Maybe you would want to watch this couple of times or maybe
once would be enough for a lifetime.
රශෝමොන්
යනු මෙතෙක් ලොව දුටු අද්විතීයම සිනමා කෘතියක් ලෙසින් දැනටමත් ඉමහත් පැසසුම් ලත්
චිත්‍රපටියක්. ඒ ගැන මා දක්වන ආකල්පය වන්නේ මෙයය්. එය ඉතා ගැඹුරු, ක්ෂණයකින් තේරුම්
ගැනීමට අපහසු එමෙන්ම සිනමා කෘතියක තිබිය යුතු කලාත්මක බලවත් බව ගැබ් වූ චිත්‍රපටියක්.
එමෙන්ම එය ඉතාමත්ම විශිෂ්ට මිනිස් චයිතසිකය විග්‍රහ කිරීමක්.
හොඳින්
සිතා බලු විට මෙහි ඇති අමුතු කතාවක් නැත. එය අපරාධයකට සම්බන්ධ සිදුවීම් කිහිපයක් මිනිසුන්
කිහිපදෙනෙක් විසින් එකී නෙකට පරස්පර අන්දමින් විග්‍රහ කිරීමක් පමණි. ඒ එක් එක්
විග්‍රහයන් එය පවසන තැනැත්තාට සාපේක්ෂ වන අතර එය ඔවුන්ගේ ගැඹුරු මානසික අවශ්‍යතාවයන්
සහ අභිලාශයන්හි පිළිබිඹුවකි. ප්‍රේක්ෂකයා මේ එකිනෙකට විරුද්ධ කතා එකතුවෙහි ගැලී
වල්මත් වෙය්. එයින් එතෙර වීම සඳහා ප්‍රේක්ෂකයා විසින් තනන්ගේම මතයක් ගොඩනගා ගත
යුතු අතර එය චිත්‍රපටියේ චරිත මෙන්ම ප්‍රහේලිකාවකි. මෙහි විශිෂ්ටත්වය වන්නේ
කුතුහලය නමැති මානුෂික හැඟීම ප්‍රබල ලෙස යොදා ගැනිමය්. චිත්‍රපටිය පුරාවට කුතුහලය
අඩු වැඩි වශයෙන් ප්‍රේක්ෂක මනස තුල දෝංකාර දීමට සලස්වන අතර එනිසාම කතාවේ ගැඹුර
සොයා කිමිදීමේ බොල් උත්සාහයද තීව්ර වනවා. නමුත් එයින් ඇති වන ප්‍රතිපලයක්ද නොවේ. ‘මට
තේරෙන්නේ නැහැ’ සහ ‘ මට මාවම තේරුම් ගන්නට බැහැ’ යහුවෙන් චිත්‍රපටියේ පිටපත කිහිප
වතාවක්ම යම් කිසි දෙයක් ප්‍රේක්ෂකයා හට කීමට උත්සාහ කරනවා.
මෙයට
අමතරව ඉතා සරු සිනමාකරණය මෙහි තවත් ප්‍රබල අංගයක්. සංකේත සහ ඉඟි යොදා ගැනීමත්
එමෙන්ම ප්‍රබල රූප රාමුත් මෙහි සුලබය්. එයට අතොරක් නැතිව කෙඳිරි ගාන විටෙක කර්කශ
සංගීතය එක් වූ විට මුළු චිත්‍රපටියම බොහෝ වෙනස් මනෝභාවයක් ජනිත කරය්.
අවසන්
වශයෙන් කතා කල යුතුම වන්නේ රන්ගනයය්. කිහිපදෙනෙක් වන මුලික චරිත සියල්ලම ඉතා
හොඳින් නිරුපනය වන අතර ටජෝමාරු නමැති දාමරික චරිතය නිරුපනය කරන ටෝශිරෝ ඉන් කැපී පෙනෙන්නා
වෙයි. ජීවිතයේ එක වරක් හෝ නැරඹිය යුතු චිත්‍රපටියක් ලෙස මට රශෝමොන් හැඟෙයි.
4.5/5
-Priyantha
Bandara
Synopsis: A
heinous crime and its aftermath are recalled from differing points of view. (IMDB)
No comments:
Post a Comment