Right at the start of this short review I
must emphasize that this is a good movie but honestly it’s overrated by many critics
and fans alike. From what I gather Argo is excellent in two perspectives. Those
are the plot which has a historical background to it and the production value. These
two coupled to give a quite realistic (from what I believe to be by saying
realistic I compare the true historical footage with the ones depicted in the
movie. And I have no idea of the way Iran and its people are portrayed as a
whole is true and correct) and detailed look to the film. And the plot being a
true one it has a good grip that at times is too good to be true. But then
there could be always adjustments made to make the movie better than the things
that had happened in real.
What’s ordinary about Argo is that there
is no strikingly powerful acting or twists to the story. The story flows well
and the acting goes good along with it but that’s about it. Comparing to many
fictional movies that had similar themes of rescue missions such as Spy Game
and Killer Elite this movie does not give the viewer that expected adrenaline
rush. Argo could be close to heart for Americans which probably is the most
rational reason for it to be claimed as one of the best movies made in 2012 but
I see it otherwise.
මේ කෙටි විචාරය ආරම්භයේදීම කිව යුතු දෙය වන්නේ මගේ
හැඟීමට අනුව Argo හොඳ චිත්‍රපටියක් බවත්, ඒ කෙසේ වෙතත් එය බොහෝ විචාරකයින් සහ
රසිකයින් විසින් හඳුන්වන පරිදි ඉතා හොඳ එකක් නොවන බවත්ය. මෙය හොඳ වන්නට බලපාන ප්‍රධාන
කරුණු දෙක වන්නේ කතාව සත්‍යය සහ ඉතිහාසමය වටිනාකමකින් යුක්ත වීමත් සහ නිෂ්පාදන
වටිනාකම උසස් මට්ටමක පැවතීමත් යන දෙකයි. මේ දෙකේ සංකලනයෙන් චිත්‍රපටිය සත්‍යයට
සමීප ( මා මෙහි ‘සත්‍යය’ යනුවෙන් හඳුන්වන්නේ චිත්‍රපටිය සහ 1980 ගණන් වල පටිගත කල සිදුවීම් වල සැබෑ රූප රාමු අතර ඇති අව්‍යාජ
සමානතාවය මිසක ඉරානය සහ එහි ජනතාව මේ චිත්‍රපටිය තුලින් පිළිබිඹු වන අයුර නොවේ. ඒ
ගැන මා හට අවබෝධය නැත) සවිස්තරාත්මක ගතියක් ගනී. එමෙන්ම කතාව රසිකයා හා ඇලෙන බව
දැනුනත් සමර විට එය අතිශයෝක්තියෙන් පිරුණු බවකුත් දැනේ. එයට හේතුව වන්නේ චිත්‍රපටියේ
සාර්ථකත්වය උදෙසා සත්‍යය කතාවකට වුවත් යම් කිසි වෙනස් කම් කිරීමට අධ්‍යක්ෂවරය සිදු
වීම නිසා විය යුතුය.
Argo ගැන සාමාන්‍යය දේවල් වන්නේ රංගනය සහ එතරම්
විශේෂත්වයක් නොමැති කතාවේ ශයිලියයි. කතාවත් සමග රංගනයන් හොඳින් ගලා යන මුත් එතනින්
ඔබ්බට සාර්ථකත්වයක් මේ දෙකෙහිම නොමැත. මින් පෙර මේ තේමාවට සමීපව අප දුටු Spy Game
සහ Killer Elite වැනි ප්‍රභන්ධ චිත්‍රපටි කතා හා සසඳන විට ත්‍රාසය අතින් Argo පසු
බැස්මක් පෙන්වයි. කතාවේ හරය නිසාම බොහෝ ඇමෙරිකානුවන්ට මේ චිත්‍රපටිය හදවතට සමීප එකක්
වීමේ හැකියාව වැඩි නිසා මෙයට මෙතෙක් ලැබී ඇති පැසසුම් ගැන පුදුම විය යුතු නොවේ.
නමුත් මාහට එය දැනෙන්නේ ඕනෑවට වඩා වැඩි පැසසුමක් ලෙසයි.
I rate this 3.5/5
-Priyantha Bandara
Argo (2012)
Drama | History | Thriller
Synopsis:
A dramatization of the 1980 joint
CIA-Canadian secret operation to extract six fugitive American diplomatic
personnel out of revolutionary Iran.(IMDB)
No comments:
Post a Comment