Pages

Saturday, May 12, 2012

This Means War (2012)



 Action | Comedy | Romance

 

This Means War? But that means a bad movie. Very high techy, action packed, glamorous and wanna be funny but it’s really is one of the bad movies I watched this year. The plot is lame and just moves back and forth with predictable ending and finally it makes it. Makes us actually think that CIA employees are really jobless!!

 

අරටුවක් නැති ගසක වැනි හිස් බයිස්කොපේ එකක්. බලන් ඉන්නනම් ලස්සනය් නමුත් ගෙනියන්න මොකුත්ම නෑ. මේ වගේ දේවල් ලෝකේ වෙනවද කියල හිතෙනවා. මුලික අරමුණ හාස්‍යය සහ ප්‍රේමය උනත් ඒකත් හරිට වෙන්නේ නෑ වගේ. කිව්වුට විශ්වාස නැත්නම් බලන්නකෝ.

 

2.5/5

 

Synopsis: Two top CIA operatives wage an epic battle against one another after they discover they are dating the same woman.

The Avengers (2012)




Actions | Adventure 


All most all the Marvel super hero movies that came to light was very entertaining and packed with breathtaking action and CG. And it had created benchmarks to the industry where some other movies failed to achieve. And when it comes to The Avengers, all those benchmarks become obsolete and new standards are set. Let’s see if you can do a better super hero movie than this one is near time! The reasons are pretty simple and straight forward. This packs a steaming 6 super hero cast with unforgettable action sequences that rocks the senses away. And the script is so well balanced it makes the almost two and half hour viewing time a swift. And amongst all the action and crashing and smashing it has a very good sense of humor that will blast you off smiling. You will immediately fall in love with these bunch of characters all over again and still have something to smile about even after you’re a grumpy old person.

 

මේ ඔබ මෙතෙක් චිත්‍ර කතා සහ සිනමාවෙන් දැක ඇති සුපිරි වීරයින් 6 දෙනෙක් එක හැලියට දමා සෑදු සුපිරි අරිෂ්ටයක්. එහි රසය ඔබට දැනෙන්නට ගත වන්නේ යන්තම් විනාඩි කිහිපයක් පමනය්.  සුපිරි වීර චරිත සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන්හි ගැලෙන ඔබට පැය දෙකහමාරක් වැනි දිගු චිත්‍රපට කාලයක් සැනෙන් ගෙවී යාවි. අවශ්‍යය පදමට එක් කල ක්‍රියාදාම සහ හාස්‍යය රසයන් මේ චිත්‍රපටයේ ප්‍රබලත්වයට දැඩි රුකුලක්. මේ චරිත සියල්ල ඔබ හැඳිනගෙන ඔවුන් සමග ඔබ නැවත නැවතත් නැවුම් අත්දැකීම් ගොන්නක් සමග කුල්මත් වනු නොඅනුමානය්. මේ චිත්‍රපටයේ පිටපතද ඉතා හොඳින් සමබර කර තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන චරිත කිහිපයක් වටා ගෙතෙන කතාවක එය සිදු කිරීම අභියෝගයක්. මේ සියල්ල දක්ෂ ලෙස අවසන් වුනු පසු ඔබට ඉතිරිවන්නේ මහලු වියේදී පවා සිනහවෙන් යුතුව මතක කල හැකි විනෝදාත්මක අත්දැකීම් සපිරි චිත්‍රපටයක්.

 

3.5/5

 

Sysnopsis: Nick Fury of S.H.I.E.L.D. brings together a team of super humans to form The Avengers to help save the Earth from Loki and his army.


Thursday, May 10, 2012

This Must Be the Place (2011)





Comedy | Drama



Maybe the best performance by Sean Penn after ‘Milk’.  And he just makes the plot to vividly come to light by speaking slowly and softly yet emotionally exploding at the same time. The whole movie is about an aged rock star and his life full of regrets. Maybe he never grew up after all. Beautiful music and dramatic flow and a little bit of excitement as well.

තම ජීවිතයේ හොඳම කාලය අකාලයේ ගෙවා දමා පසු තවිල්ලෙන් දුක් වන සංගීත ශිල්පියෙකු වටා ගෙතුණු වෙනස් ආරක කතාවක්. නමුත් ඒ මේ කතාවේ ආරම්භය පමනය්. ඉන් ඔබ්බට ගිය වෙන වෘතාන්තයකුත් මෙහි ගැබ් වෙන අතර එනිසාම මේ චිත්‍රපටය නැවුම් අත්දැකීමක් බවට පත් වෙනවා. ෂෝන් පෙන් ගේ අද්විතීය රංගන හැකියාව ඔබ මවිත කරනු ඇත. ඔබට මේ චිත්‍රපටය යම් කිසි දවසක අමතක උනත් ෂෝන් පෙන්ගේ රංගනය සහ චරිතය සදා මතකයේ තියේවි. 

3.5/5

Synopsis: A bored, retired rock star sets out to find his father's executioner, an ex-Nazi war criminal who is a refugee in the U.S.




Monday, May 7, 2012

Red Tails (2012)





Action | Adventure | Drama

 

When courage is mixed with a bit of insanity you get a flying squad that can beat the odds out of the sky. Red Tails is all about a group of men who fights one battle on the ground and one on the sky. The battle to be treated the same than be discriminated for color is their eternal fight while bringing the hell upon Nazi air fleet is the other. And with determination and skill they pretty much win the both with flying colors. Packed with super dog fights and head spinning graphics this one will entertain you to sky high.

 

අහස් කුස සසල කරවන තරම් ත්‍රාසය ජනිත කරවන ගුවන් සටන් පිරි චිත්‍රපටයක්. දෙවන ලෝක යුධ සමයේ කළු ඇමෙරිකානු ගුවන් නියමුවන් පිරිසක් වටාය් මේ කතාව ගෙතෙන්නෙ. ඔවුනට තමන්ගේ අභිමානය රැක ගැනීමට අහසේ මෙන්ම පොළොවේත් සටන් කරන්නට වන්නේ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ව කල්ලන් ලෙස බහුතරයක් විසින් කොන් කිරීම නිසය්.  ඒත් ශක්තියෙන් සහ නොනැසෙන අධිෂ්ඨානයෙන් යුතුව ඔවුන් තම ඉලක්කය කරා ගමන් කරන අයුරු කියා පාන මේ චිත්‍රපට ඇත්තෙන්ම බැලීම සතුටක්.

 

3.5/5

 

Synopsis: A crew of African American pilots in the Tuskegee training program, having faced segregation while kept mostly on the ground during World War II, are called into duty under the guidance of Col. A.J. Bullard.



Rampart (2011)





Crime | Drama

 

Rampart is a story about a dirty cop who is dying a slow painful end of self destruction. With each move with the intention of clearing up an earlier mess, he engulf deeper in to the darkness and the point of no return. While he gamble with his family and job to keep his dirty game going he almost loses his sanity but time will tell for certain. A powerful performance by Woody and good script work.

 

ජීවිතය අසම්මත පුරුදු සහ දුෂණ වලින් පුරවාගත් පොලිස් නිලධාරියෙක් වටා ගෙතුන තරමක් සිත සසල කරවන සුළු කතාවක්. මෙවැනි කතා මා මිට පෙර කිහිපයක් දැක තිබුනත් මෙහි ගැබ් වුන රඟපෑම සහ බස හැසිරුවිම නිසා මෙය යම් වෙනස් නැවුම් අත්දැකීමක් බවට කිව යුතුය්. අතිශය නාට්‍යමය හුරුවක් සහිත මේ චිත්‍රපටය බොහෝ දෙනෙකුට ජීර්ණය නොවිය හැකි. තමන්ගේ රසය තමන්ට විශ්වාසනම් පමණක් බලන්න.

 

3.5/5

 

Synopsis: Set in 1999 Los Angeles, veteran police officer Dave Brown, the last of the renegade cops, works to take care of his family, and struggles for his own survival.



Rockstar (2011)




Drama |  Music

 

Rockstar is not just a mundane Indian musical. It’s a movie which features over a dozen of sizzling hot music from A.R Rahman and breathtaking performance by Ranbir Kapoor mixed in to a one masterpiece. If you ask what’s the plot there is nothing magical at all to write about. It’s about an insanely popular young rock star searching for his soul in the hands of a girl he met in the university but considered to be his best friend. Ultimately his soul lies empty while his life fills up with fame, money and all other things anyone will desire for. The story beautifully crafts his character and the noise around him with his legally bound complicated music career while silently peeps in to his empty heart. This movie is so touching and beautiful; you will feel the beating hearts of lovers and cry of loss amidst all the joy the surface painted with. With mesmerizing cinematography and soul binding score with lyrics to die for, this movie will engulf you.

 

මෙතරම් ආදරය කල හැකි හින්දි චිත්‍රපටියක් මා මෑත කාලයේදී දුටු බවට‍ මට මතක නැහැ. ජීවිතයේ පැතූ වර්ණවත් සිහින සැබෑ වෙද්දී, හදවතේ හිස් බව පුරවා ගැනීමට නොහැකිව අනෙක වාරයක් සිතින් මිය යන දක්ෂ රොක් සංගීතකරුවෙක් වටා මේ අනුවේදනීය කතාව ගෙතෙනවා. හදවතේ සියුම් මස් පිඩු සැනින් ස්පර්ශ කරන රහුමාන්ගේ ලයාන්විත සංගීතයෙන් මේ චිත්‍රපටය පිරි ඉතිරිලා යනවා. ඒ සංගීතයටත් රන්බීර් කපුර්ගේ රංගනයටත් නාර්ගිස් ෆ්හක්රිගේ සුන්දර ස්පර්ශයටත් ඔබව සිනමාවගේ නැවුම් කෝණයක් වෙත කැඳවාගෙන යන්නට දෙන්න. ඒ ඉස්සවුවේ දෝර ගලායන ආදරය සහ තනිකම ඔබට දැනේවි. විශිෂ්ට සිනමාවේ සැබෑ අරුත එයය්.

 

4.5/5

 

Synopsis: An uninhibited youth woos the hottest about-to-be-married college girl. He rises to become a rock-star - then self-destructs.





අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...