මේ පුංචි දුපතේ ප්‍රවුඩ
ඉතිහාසය ගැන කියවෙන චිත්‍රපටි නිෂ්පාදනය දැන් දැන් නිර්මානාත්මක පසුබිමෙන් ඔබ්බට
ගොස් හුදෙක්ම වානිජමය ස්වරුපයක් ගෙන ඇති බවකුයි මට සිතෙන්නේ. නමුත් සිරි පැරකුම්
එසේ කියාම වාණිජ චිත්‍රපටියක් බවට ලේබල් කිරීමට මා කැමති නැහැ. එහි වානිජත්වයට වඩා
ඔබ්බට ගිය පණිවිඩයක් සහ සුන්දරත්වයක් ගැබ් වී තිබෙනවා. සෝමවිරයන්ගේ චිත්‍රපටිව වලට
පොදූ පුංචි දරුවා සහ ඔහුගේ සුන්දර දඟකාරිත්වය මේ චිත්‍රපටියෙහිද මුලින්ම ‘වැඩ කරන’ formula එකයි. මුලින්ම පොඩි දරුවාට
වශී වන වැඩිහිටි ප්‍රේක්ෂකයා චිත්‍රපටියේ ඉතුරු ටික ගුඩුස් ගා පානය කරයි. එතැන්
පටන් ඇති පොඩි පොඩි බොරු අපට වැටහෙන්නේ අමුලික ඇත්ත වශයෙනි. නමුත් සමස්තයක් වශයෙන්
ඒ සියල්ලෙන්ම කතාව සුන්දර වනවා මිස කිසි විටෙක අසුන්දර නොවේ. බොහෝ දේශීය චිත්‍රපටි
වල ඇති ‘පනින’ ස්වභාවය මෙහිද ඇත. එනම් කතාවේ ගලා යාම යම් තැන වලදී එතරම් සුමුදු
බවක් නොගනී. නිෂ්පාදන වටිනාකම ඉහල අගයක පැවතෙන බව මොනවට පැහැදිලි උනත් සමහරක් පසු
බිම් නිර්මාණ වේදිකා නාට්‍යය වලට සුදුසු ඒවායි සිතෙයි. මෙහි හොඳම රංගනය කාගේද කියා
ඇසුවොත් මා දෙන උත්තරය වන්නේ චාන්දනී සෙනෙවිරත්න යන්නයි. ඒ ඇය තම චරිතයෙහි ඉතා
ස්වාබහාවිකව අලි ඇති නිසායි. නමුත් ඔය ආරළු බුරුළු දේශීය සිනමා ලෝලීන්ට එතරම්ම අදාළ
නොවේ. අදාළ වන්නේ මා මුලින් කියූ පොඩි දරුවා සහ ප්‍රවුඩ ඉතිහාසයක වීරෝධාර අගය කිරීම
පමණි. චිත්‍රපටිය ගම් නියන් ගම් සිසාරා එක එල්ලේ දුවන්නේ එනිසයි.
අධ්‍යක්ෂවරයා විසින්
චිත්‍රපටිය ආරම්බයේදීම යොදා තිබෙන ‘මේ චිත්‍රපටිය ඉතිහාසය එලෙසම කියා පාන්නක් නොව
මනංකල්පිත එකකි යනුවෙන්’ කියවෙන warning
එක නිසාම එය තවත් හොඳින් බලා එහි ඇති සත්‍යය විය හැකි තැන් මොනවාද fantasy මොනවද
කියා තේරුම් ගැනීම යහපති බොලවූ!
සිරි පැරකුම් (2013) 2.5/5